හම්බන්තොට වරායේ විශාලතම විදේශ ආයෝජන ව්‍යාපෘතිය චීනයෙන්
2020-11-23 16:30:11
Share with:

හම්බන්තොට වරායේ පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට සැරසෙන ‘සිලෝන් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව’ට අදාල ආයෝජන ගිවිසුම පසුගියදා(20) කොළඹදී අත්සන් තැබුණා. ඇමරිකානු ‍‍‍‍ඩොලර් මිලියන 300ක වටිනාකමක් සහිත අදාල ව්‍යාපෘතිය, මේ වන විට හම්බන්තොට වරාය තුළට ආකර්ෂණය වී ඇති විශාලතම විදේශ ආයෝජන ව්‍යාපෘතියයි.

චීනයේ Shandong Haohua Tyre Co. Ltd සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග අදාල අයෝජන ගිවිසුමට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා චීන තානාපති චී චෙන්හොන්ග් මහතා වීඩියෝ ආකාරයෙන් ගිවිසුම අත්සන් තැබීමේ උළෙල නැරඹුවා.

රැකියා අවස්ථා 2000ක් ජනිත කිරීමට අපේක්ෂා කෙරෙන එම ව්‍යාපෘතිය ප්‍රාදේශීය ජනාතවට ඍජු වාසී ලබා දෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. රටේ නිෂ්පාදන කර්මාන්තය හා විදේශ ආයෝජනය ආකර්ෂණය කර ගැනීම පිළිබඳ ආදර්ශයක් ලෙස එය ගොඩනැගීමට අපේක්ෂා කෙරෙනවා. කෙසේ වුවද මෙම ව්‍යාපෘතියේ වැදගත්කම, ඉන් ඇති විය හැකි ආර්ථික ප්‍රතිලාභ හා රැකියා අවස්ථා වලට පමණක් සීමා වෙන්නේ නැහැ. මේ තුළින්, ශ්‍රී ලංකාවේ වසංගත තත්ත්වය උග්‍ර වෙමින් පවතිද්දී රටේ ආයෝජනය හා සංවර්ධනය කෙරේ චීන ව්‍යාපාර දැක්වූ දැඩි විශ්වාසය නම් වඩාත් අර්ථවත්. ශ්‍රී ලංකාවේ සෙසු විදේශීය ආයෝජකයන් වෙත මෙය සක්‍රීය සංඥාවක් ලෙස සැලකිය හැකියි.

‘සිලෝන් ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව’ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සිය සංවර්ධන ප්‍රයත්නයේ දී තවදුරටත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ප්‍රමුඛත්වය දීම පිළිබඳ අලුත් ක්‍රියාමාර්ගයට ද අනුකූලයි. රට තුළ  පුළුල් ආයෝජන ඉඩ ප්‍රස්ථා පවතින බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. නිෂ්පාදන කර්මාන්තය හැරුණු විට කෘෂිකාර්මික, සන්නිවේදන තාක්ෂණය, අධ්‍යාපනය ද ඒ අතර විශේෂයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන