ශ්‍රී ලංකාවේ නව චීන තානාපති චී ජෙන්හොං මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක්
2020-12-17 19:36:38
Share with:

ශ්‍රී ලංකාවේ නව චීන තානාපති චී ජෙන්හොං මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වෙති.

ශ්‍රී ලංකාව හා චීනය අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ දෙරටේ ව්‍යවස්ථාදායකයන් අතර දිගුකාලීන සහයෝගීතාව පිළිබඳව මහින්ද යාපා අබේවර්ධන මහතා ඉහළින් ප්‍රශංසා කළේය. දෙරටේ පක්ෂ අතර සහයෝගතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට සහ දෙරටේ සහයෝගීතාව සඳහා ශක්තිමත් ව්‍යවස්ථාදායක සහතිකයක් ලබා දීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කැමැත්තෙන් සිටින බව හෙතෙම අවධාරණය කළේය. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා, ස්ථාපිත කෙරෙමින් පවතින චීනය සමග මිත්‍ර සබඳතා වෙනුවෙන් වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම සක්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රකාශයට, චී  ජෙන්හොං මහතා ප්‍රශංසා කළ අතර, දෙරටේ මිත්‍රශීලී සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දායකවීම සම්බන්ධයෙන් ඒ මහතාට සිය ස්තූතිය පුද කළේය. දෙරට වසංගතය පාලනය කිරීමේ සහයෝගීතාවය සහ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ නවතම ප්‍රගතිය ද චී ජෙන්හොං මහතා එම හමුවේදී දැනුම් දුන්නේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන