Chang'e-5 චන්ද්‍ර ගවේෂණ යානයේ මෙහෙයුම සාර්ථකවීම පිළිබද චීන ජනපති‍ ගෙන් සුභ පැතුම්
2020-12-17 10:18:02
Share with:

චන්ද්‍ර පස් සාම්පල රැගත් Chang'e-5 චන්ද්‍ර ගවේෂණ යානය චීනයේ ඇතුළු මෙන්ගෝලියාවේ නියමිත කලාපයට අද අළුයම 1:59ට ආරක්ෂිතව ගොඩ බැසීය. Chang'e-5 චන්ද්‍ර ගවේෂණ යානයේ  චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම සාර්ථික වී ඇතැයි ඉන් පිළිබිඹු වේ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතියේ අණ දෙන ආයතනයටත් Chang'e-5 මෙහෙයුමට සහභාගී වූවන්ටත් සුබ පැතුම් පණිවිඩයක් යවා තිබේ.

විශාලතම තාක්‍ෂණික පරතරයක් සහිත චීනයේ සංකීර්ණ ම අභ්‍යවකාශ ව්‍යාපෘතියක් ලෙස Chang'e-5 මෙහෙයුම චීන ඉතිහාසයේ පළමු වරට පෘථිවියෙන් පිටත සාම්පල ආපසු රැගෙන ඒම සාක්ෂාත් කර ඇතැයි හෙතෙම සිය පණිවිඩයෙන් පෙන්වා දුන්නේය. මානවයන් ගේ අභ්‍යවකාශ ගවේෂණය කිරීමේ මෙහෙයුම් අසීමිත බැවින්, මානව ප්‍රජාව සාමකාමීව අභ්‍යාවකාශය භාවිත කිරීම සඳහාත් මානවයන්ගේ පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැගීම සඳහාත් චීන ගගනගාමීන්ට පෙරට වඩා දායක වීමට හැකි වනු ඇති බවට ෂී ජින් පිං මහතා සිය අපේක්ෂා පළ කොට ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන