චීනයේ මධ්‍යම ආර්ථික කාරක සමුළුව බෙයිජිංහි දී පැවැත්වේ
2020-12-19 15:13:28
Share with:

චීනයේ මධ්‍යම ආර්ථික කාරක සමුළුව 16 වැනිදා සිට 18 වැනිදා දක්වා ‍බෙයිජිං නගරයේ දී පැවැත්විණ.  චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම සමුළුව ඇමතීය.

මෙම වසරේදී චීනය ධනාත්මක ආර්ථික වර්ධනයක් අත්කර ගත් ලෝකයේ එකම ප්‍රධාන ආර්ථිකය බවට පත්ව ඇති අතර විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයන්හී විශාල ප්‍රගතියක් ලබා ඇත. විවෘතභාවය හා ප්‍රතිසංස්කරණයේ ද විශාල ප්‍රගතියක් ඉටු කර ඇති බවත්, ජනතාවගේ ජීවනෝපායන් ඵලදායී ලෙස සහතික කර ඇති බවත් එම සමුළුවේ දී ප්‍රකාශ කෙරිණ. චීනයේ 13 වන පස් අවුරුදු සැලැස්මේ ප්‍රධාන අරමුණු ඉටු කිරීමට ආසන්න වන මෙම කාලයේ, වසංගතයේ හා බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් වල බොහෝ අවිනිශ්චිතතාවයන් පවතින බව අවබෝධ කර ගත යුතුය. චීනයේ ආර්ථික ප්‍රකෘතිය සඳහා වන අඩිතාලම තවමත් අස්ථිර‍ අතර, ලබන වසරේ චීනයේ සාර්ව ප්‍රතිපත්ති අඛණ්ඩතාව, ස්ථාවරත්වය සහ තිරසරභාවය පවත්වා ගත යුතු බවත් එම සමුළුවේ දී   අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන