ආර්ථික කටයුතු මෙහෙයවීමේ දී ගංගා ආශ්‍රිත ජෛව පරිසරය කෙරෙහි චීන ජනාධිපතිවරයා දක්වන සැලකිල්ල
2020-12-31 08:58:42
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා රටේ මාතෘ ගංගාව ලෙස සැලකෙන කහ ගංගාවට හැම විටම සැලකිල්ල දක්වා තිබෙනවා. 2020 වසරේ මුල් කාලයේ පැවති මධ්‍යම ආර්ථික මුල්‍ය කටයුතු කමිටු සමුළුවේදී ඔහු අවධාරණය කළේ, කහ ගංගාවේ ආරක්ෂාවට හා පාලනයට ඉමහත් ශක්තියක් යොදා ගත යුතු බවයි.

පසුගිය අප්‍රේල් මාසයත් ජුනි මාසයත් අතර කාලය තුළදී ෂී ජින්පිං මහතා කහ ගංගාව ආශ්‍රිත ප්‍රදේශ තුනක් නිරීක්ෂණය කළා. ගංගා සම්පත් අයුතු ලෙස භාවිත කිරීම හා පරිසර දූෂණය වැළැක්වීමට කටයුතු කරමින්, කහ ගංගා ජෛව පරිසරයේ මූලික පදනම සහතික කරමින් එය යහපත් කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නා.

“ලෝක පියස්ස” ලෙස හැඳින්වෙන ඡිංහයි ටිබෙට් සානුවෙන් ආරම්භ වී, චීනයෙන් අඩක භූමි ප්‍රමාණයක් හරහා දිවෙන යැන්ට්සි ගංගාව චීන ජාතික සංවර්ධනයට වැදගත් අනුබලයක් වෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ ජනාධිපති ෂී ජින්පිං මහතා යැන්ට්සි ගංගාවේ නන්ටොන්ග් කොටස නිරීක්ෂණය කළා. කළින් අපවිත්‍ර වූ ගඟාශ්‍රිත කලාපයේ, යළි සුන්දර දර්ශනය මතු වීම ඔහුට දක්නට ලැබී තිබෙනවා.

එම නිරීක්ෂණ චාරිකාවෙන් පසුව ෂී ජින්පිං මහතා යැන්ට්සි ගඟාශ්‍රිත ආර්ථික කලාපයේ සංවර්ධන සමුළුවේ මුලසුන දැරුවා.  එම කලාපය රටේ හරිත ජෛව සංවර්ධනයේ ප්‍රමුඛ පෙරමුණ හා දෙස් විදෙස් ද්විත්ව සංසරණය පිළිබඳ රටේ ආර්ථික සංවර්ධන රටාවේ ප්‍රධාන එන්ජිම ලෙසට ගොඩනගමින්, එමගින් රටේ ආර්ථිකයේ ඉහල ගුණාත්මක සංවර්ධනය මෙහෙයවිය යුතු බවට ඔහු උපදෙස් දුන්නා.

ආර්ථික කටයුතු මෙහෙයවීමේ දී ගංගා ආශ්‍රිත ජෛව පරිසරය කෙරෙහි චීන ජනාධිපතිවරයා දක්වන සැලකිල්ල

වසර 2020 දී සිදු කළ සෑම නිරීක්ෂණ චාරිකාවකදීම ෂී ජින්පිං මහතා ග්‍රාමීය ජනතාව වෙතට පැමිණ ඔවුන්ගේ දුක සැප විමසුවා. දිළිඳුකම පිටුදැකීම පිළිබඳව ඔහු විශේෂ අවධානයක් යොමු කළා.

‘මේ අවුරුද්ද තුළ දිළිඳුකම තුරන් කිරීමේදී අපි නියමිත ඉලක්කය ඉටු කිරීම ගැන මට සෑහෙන විශ්වාසයක් තිබෙනවා. ඉදිරියේදී මේ ජයග්‍රහණය පවත්වා ගෙන යාමට අඛණ්ඩ තිරසර ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා ද නැද්ද යන්න පිළිබඳවයි, මම වැඩි සැලකිල්ලක් දක්වන්නේ. ජනතාවට ප්‍රායෝගික සුබසෙත ලබා දීම, චීන කොමියුනිස්ට් පක්ෂය ක්‍රියාත්මක කරන මූලධර්මයයි. ’ ජනාධිපතිවරයා කියා සිටියා.

ආර්ථික කටයුතු මෙහෙයවීමේ දී ගංගා ආශ්‍රිත ජෛව පරිසරය කෙරෙහි චීන ජනාධිපතිවරයා දක්වන සැලකිල්ල_fororder_圖4:習近平同搬遷戶汪顯平一家圍拉家常

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන