චීන ජනාධිපති ෂි ජින් පිං මහතා වසර 2021 නව වසර වෙනුවෙන් අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරයි
2020-12-31 21:12:50
Share with:

චීන ජනාධිපති ෂි ජින් පිං මහතා වසර 2021 නව වසර වෙනුවෙන් අලුත් අවුරුදු සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරයි_fororder_習大大

2021 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂි ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ වෙබ් අඩවි ඔස්සේ නව වසරේ සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කළේය. එම පණිවුඩය මෙසේය.

ඔබ සැමට ආයුබෝවන්. 2021 අලුත් අවුරුදු උදාවේ සීනුව නාද වීමට ආසන්න අවස්ථාවේ මම චීනයේ බෙයිජිං නුවර සිට ඔබ සෑම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.

වසර 2020 අසාමාන්‍ය වසරකි. හදිසියේ මතු වූ කොරොනා වසංගතය හමුවේ ජනතාව ප්‍රමුඛ ස්ථානය තබා ‍ජීවිතයට මුල් තැන දී අපි එක්සිත්ව දුෂ්කරතා නොතකා වසංගතයට එරෙහිව සටන් කර ‍ඓතිහාසික ජයග්‍රහණයන් දිනා ගැනීමට සමත් වූයෙමු. එම වසංගතයට එරෙහි සටනේදී වෛද්‍යවරුන්ගේ සිට මහජන හමුදා භටයන් දක්වාත් විද්‍යාත්මක පර්යේෂකයන්ගේ සිට සමාජ ප්‍රජා සේවකයන් දක්වාත් ස්වෙච්ජා සේවකයන්ගේ සිට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නන් දක්වාත් වියපත් අයගේ සිට 90 දශකයේ සහ වසර 2000ට පසු උපත ලද තරුණයන් දක්වාත් සමස්ත චීන ජනතාව මහ ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් එක්සිත්ව එක්සත් වෙමින් සිය ජීවිත පවා නොතකා කැපවීම් සිදු කළහ.

වීරයන් බිහි වන්නේ මහජනතාව අතරිනි. සෑම අයෙකුම සිය දායකත්වය ලබාදීමට උනන්දුවෙන් සිටිති. අවාසනාවන්ත ලෙස කොරොනා වසංගතයට ලක්වූවන්ට මාගේ සෙනෙහස දක්වමි. වීරත්වය දැක්වූ සියල්ලන්ටම මම ආචාර කරමි.මම මාගේ ශ්‍රේෂ්ඨ මව්රට සහ මහ ජනතාව ‍ගැන ආඩම්බර වෙමි.

දුෂ්කරතාවෙන් එඩිතර බව ඉස්මතු වෙයි. වෙහෙස මහන්සියෙන් ජයග්‍රහණ හිමි වේ. අපි වසංගතයෙන් ඇති වූ බලපෑම් නැති කරමින් වසංගත පාලනය සහ ආර්ථික හා සමාජීය සංවර්ධනය සමබර කරමින් විශාල  ජයග්‍රහණයන් දිනා ගැනීමට සමත් ව සිටිමු. 13වැනි පස් අවුරුදු සැළැස්ම සම්පූර්ණ කර ඇත. 14වැනි පස් අවුරුදු සැළැස්ම ආරම්භ කිරීමට අපි සූදානමින් සිටින්නෙමු. නව වර්ධන රාමුවක් කඩිනමින් ගොඩනගා උසස් ගුණාත්මකභාවයෙන් යුත් සංවර්ධනය ගැඹුරට ක්‍රියාත්මක කර ඇත. චීනය ලොව ප්‍රධාන ආර්ථිකයන්ගෙන්  ධනාත්මක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට සමත් ව සිටී. 2020 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිතය යුවාන් ට්‍රිලියන 100ක් ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ධාන්‍ය නිෂ්පාදනය ද වසර 17ක් පුරා උපරිම මට්ටමක් අත්කර ගෙන ඇත. ටියැන්වෙන් අංක 1, චන්ග්අ 5, ‍ෆෙන්දෝච යනාදී විද්‍යාත්මක ගවේෂණ යානාවල අත්හදාබැලීම්හි වැදගත් ප්‍රගතියක් ලබා ගෙන තිබේ. හැයි නන් නිදහස් වෙළඳ වරාය ඉදිකිරීම යහපත් අන්දමින් ක්‍රියාත්මක කෙරෙමින් පවතී. බරපතල ගංවතුර හා නියං ස්වාභාවික විපත්වල හානි හැකි තරමට අවම කිරීමට අපට හැකි විය. සෑම ප්‍රදේශයක ජනතාව වසංගත පාලන ක්‍රියාමාර්ග දැඩිව  ක්‍රියාත්මක කරමින් සිය කාර්යයන් හා නිෂ්පාදන කටයුතුවල ආත්ම විශ්වාසයෙන් හා ජවසම්පන්න ව නිරත වෙමින් සිටින ආකාරය පළාත් සහ නගර 13කට ගොස් නිරීක්ෂණ චාරිකාවල නිරත වීමේදී මට සතුටින් දැක ගැනීමට හැකි විය.

වසර 2020දී අපි අංග සම්පූර්ණයෙන් සුවපහසු සමාජයක් ගොඩ නැගීමෙන් ඓතිහාසික ජයග්‍රහණයක් දිනා ගෙන ඇති අතර දිළිඳුකම තුරන් කිරීමේ සටන තීර්ණාත්මක ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.අපි අන්ත දිළිදුභාවයට එරෙහිව ක්‍රියාත්මක කළ අවසාන සටන විශාල ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූයෙමු.

වසර 8ක අඛණ්ඩ ප්‍රයත්නයකින් පසු වත්මන් ප්‍රමිතින්ට අනුව මිලියන 100ක පමණ ග්‍රාමීය දිළිඳු ජනගහනය සම්පූර්ණයෙන්ම දිළිඳුකමින් මුදවාගෙන ඇති අතර දිළිඳු කෝරළ 832ක් දිළිඳුභාවයේ ලැයිස්තුවෙන් ඉවත් වී ඇත. ගෙවී ගිය වසර කිහිපය තුළ මම දිළිඳු කලාප 14කට ගොස් එහි සිටින දුගී ජනතාව සහ ප්‍රධානීන් ඉමහත් උද්‍යෝගයෙන් යුතුව දිළිඳුකම තුරන් කිරීමේ කටයුතුවල නිරත වූ අයුරු සියැසින් දුටුවෙමි.

ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ද සියල්ලන්ට සැපපහසු ජීවිතයක් ලබා දීමේ ඉලක්කය ඉටු කිරීම වෙනුවෙන් ද වඩාත් කැපවීමකින් සහ වඩාත් වෙහෙස මහන්සියෙන් උත්සාහ කළ යුතුය. මේ වසරේ අපි ශෙන්චෙන් යනාදී විශේෂ ආර්ථික කලාපයන් ස්ථාපිත කිරීමේ 40 වැනි සංවත්සරය සහ ශංහැයි පුතුං දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ 30 වැනි සංවත්සරය සැමරුවෙමු. පුරෝගාමී අත්හදා බැලීම මඟ පෙන්වීමක් බවට පත්ව ඇත.ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය සංවර්ධන විශ්මයක් ඇති කළේ ය. ඉදිරියේදී වඩාත් පුළුල්ව සහ වඩාත් ශක්තිමත්ව ප්‍රතිසංස්කරණය සහ විවෘතභාවය ක්‍රියාත්මක කරමින් තවත් සාර්ථකභාවයන් නිර්මාණ කළ යුතුය.

ලෝකය එකම පවුලකි. මෙම දුෂ්කර වසර ගත වීමෙන් පසුව පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව සම්බන්ධයෙන් අපි පෙරට වඩා අවබෝධයක් ලබා ගෙන සිටින්නෙමු . මම ලොව පුරා නව සහ පැරණි මිත්‍රයන් සමග දුරකථනයෙන් කතා කළෙමි. වීඩියෝ ආකාරයෙන් ජාත්‍යන්තර සමුළු ගණනාවකට එක් වුයෙමි. එවන් අවස්ථාවලදී මා ඔවුන් සමග වැඩි වශයෙන්  සාකච්ජා කළේ සහයෝගයෙන් සහ  සමගියෙන් වසංගතය පරාජයට පත් කළ යුතු බවය. වසංගතය පාලනය කිරීමට තවත් කාලයක් අවශ්‍ය වේ. ලොව පුරා ඒ ඒ රටවල ජනතාව අත්වැල් බැඳගෙන හැකි ඉක්මණින් වසංගතය පරාජය කරමින් වඩාත් අලංකාර මිහිතලයක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්සිත් ව එක්සත් ව උත්සාහ දැරිය යුතුය.

වසර 2021, චීන කොමියුනිස්ට් පක්ෂය බිහි කිරීමේ 100 වැනි සංවත්සර වසරයි. චීන කොමියුනිස්ට් පක්ෂය ගෙවා ඇත්තේ වසර 100ක අභිමානවත් ගමන් මඟ ය. වසර 100ට පෙර ශංහැයි කුඩා ගම්මානයක බිහි වූ චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාවගේ අපේක්ෂා රැගෙන දුෂ්කර අරගල කරමින් චීනය ස්ථිරව ඉදිරියට මෙහෙයවන විශාල බලවේගයක් බවට පත්ව සිටී. අප පක්ෂය ජනතාවට මුල් තැන දෙමින් මුල් අධිෂ්ඨානයේ එල්බ සිටිමින් සිය දූත මෙහෙයුම අමතක නොකර යළි වරක් චීන ජාතියේ උතුම් පුනර්ජීවනයක් ඉටු කරනු නියතයි.

ඓතිහාසික සංදිස්ථානයක් වන වාර්තමානයේ අංගසම්පූර්ණ සමාජවාදී නවීකරණ රටක් ‍ගොඩ නැගීමේ නව ගමනක් ආරම්භ වේ. මෙම දිගු ගමන තරණය කළ හැක්කේ වෑයමිනි. වඩාත් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි වඩාත් එඩිතරව සහ වඩාත් මහන්සියෙන් දායක විය යුතුය.

නව වසරක් උදා වන මේ මොහොතේ සමෘද්ධිය, නිදුක් නිරෝගී බව සහ ‍ලෝක සාමය හා සතුට ලැබේවා කියාත් මම ප්‍රර්ථනා කරමි.

ඔබ සැමට ස්තුතියි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන