චීනය නව කොරොනා වසංගතය පාලනය කළේ කෙසේ ද
2021-01-08 19:59:13
Share with:

2021 නව වස‍ර ආරම්භයේ, චීනයේ වූහාන් නගරයේ වෙළඳ සංකීර්ණ වල ජනතාවගෙන් සපිරි දර්ශන දක්නට ලැබුණා. එහි ජනතාව මුඛ ආවරණ පැළඳ ගෙන නෑදෑයන් හා යහළුවන් සමඟ ප්‍රීතිමත්ව සාප්පු සවාරි යන  ආකාරයයි මේ. මීට වසරකට කලින් චීනයේ වූහාන් නගරය දින 76ක් පුරා හුදෙකලා කර තිබූ අතර එහි මහා මාර්ග වල කවුරුවත් දකින්න හිටියේ නැහැ.

චීනය නව කොරොනා වසංගතය පාලනය කළේ කෙසේ ද_fororder_ාාාචීනය නව කොරොනා වසංගතය පාලනය කළේ කෙසේ ද_fororder_ාාාා

2020 වසරේ ජනවාරි මාසයේ වූහාන් නගරය සහ 2020 වසරේ දෙසැම්බර් මාසයේ වූහාන් නගරය

පසුගිය වසරේ මාර්තු මාසයේ 10 වැනිදා වූහාන් නගරය හුදෙකලා කර තිබූ  කාලයේ, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම නගරයට පැමිණියා. හෙතෙම කොරොනා වසංගතයට බරපතල ලෙස මුහුණ දී සිටි ප්‍රජාවන්ගේ සුවදුක් විමසුවා. එහි ජන ජීවිත ආරක්ෂාව මෙන්ම වසංගත මැඩපැවැත්වීමේ තත්තවය ද හෙතෙම ප්‍රයෝගික වශයෙන් පරීක්ෂා කළා.  

චීනය නව කොරොනා වසංගතය පාලනය කළේ කෙසේ ද_fororder_ාාාාාාා

වසංගතය පැතිර ගිය විශේෂ කාලයේ ජනතාව වෙනුවෙන් ආරක්ෂාව මෙන්ම ජන ජීවිත පවත්වා ගෙන යාමේ කාර්යභාරයට අනිවාර්යයෙන්ම සහය දිය යුතු  යැයි චීන ජනාධිපතිවරයා එම අවස්ථවේදී උපදෙස් දුන්නා. වූහාන් ජනතාව, නැවුම් මාළු ආහාරයට ගන්න කැමතියි. හැකි තරම් එම සැපයුම් සිදු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළා. ඉන් දින කිහිපයකට පසුව, නැවුම් මාළු රැගෙන ප්‍රවාහන රථ සිව් දෙසින් වූහාන් නගරයට ළඟා වුණා.

චීනය නව කොරොනා වසංගතය පාලනය කළේ කෙසේ ද_fororder_11චීනය නව කොරොනා වසංගතය පාලනය කළේ කෙසේ ද_fororder_22

චීනය වසංගතය සාර්ථකව පාලනය කර ගත්තේ කෙසේ ද යන්න පිළිබඳව විදේශ මිතුරන් වෙනස් ආකාරයෙන් තේරුම් ගෙන සිටිනවා. වසංගත මැඩපැවැත්වීමේ කාලයේ වූහාන් නගරයේ රැඳී සිටි ප්‍රංශ වෛද්‍ය Philippe Klein මහතා සඳහන් කළේ තමා වූහාන් නගරය වසංගතය මැඩ පැවැත්වූ සමස්ත ක්‍රියාවලියේම  සාක්ෂිකරුවෙක් බවයි.  චීන රජය වසංගතය පාලනය කිරීම සඳහා දැවැන්ත දායකත්වයක් ලබා දුන් අතර චීන ජනතාව ද ඒ සඳහා අදහාගත නොහැකි කැපකිරීමක් සිදු කර ඇතැයි ඔහු පෙන්වා දුන්නා.

චීනය නව කොරොනා වසංගතය පාලනය කළේ කෙසේ ද_fororder_ාා2

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ වූහාන් නගරයේ වෛද්‍ය සහන සේවාවේ නිරත සිටි Philippe Klein මහතා

චීන රජය වසංගතය මැඩපැවැත්වීමේ දී පිළිබිඹු කළ සංවිධානාත්මක මෙන්ම පෙළඹවීමේ හැකියාව ලෝක සෞඛ්‍ය ඉතිහාසයේ  දක්නට නොලැබුණු  බව ඇමරිකාවේ Kuhn අරමුදලේ සභාපති Robert Lawrence Kuhn මහතා සඳහන් කරනවා. චීනයට කලෝචිතව වසංගත ව්‍යාප්තිය වැළැක්වීමට හැකි වීමට ප්‍රධාන හේතුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය බව හෙතෙම පෙන්වා දුන්නා.

චීනය නව කොරොනා වසංගතය පාලනය කළේ කෙසේ ද_fororder_11111

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන