ජාතිවාදී අපරාධ සම්බන්ධයෙන් ඇමරිකාව වගකීම් භාර ගත යුතුය‍
2021-01-13 20:07:27
Share with:

ජාතිවාදී අපරාධ සම්බන්ධයෙන් ඇමරිකාව වගකීම් භාර ගත යුතුය‍_fororder_TIM圖片20210113200524

ෂින්ජියං ස්වායත්තය සම්බන්ධ කටකතා නිර්මාණය කර චීනය අපකීර්තියට පත් කිරීම ඇතැම් ඇමරිකානු දේශපාලනඥයින්ගේ පොදු උපක්‍රමයකි. වත්මන් ඇමරිකානු රජයේ ධුර කාලය අවසන් වෙමින් පවතින හෙයින්, ඔවුහු ෂින්ජියං සම්බන්ධයෙන් යෝජනා කෙටුම්පතක් පවා ඉදිරිපත් කරමින්, ඊනියා ජන සංහාරය පිළිබඳ කටකතා පතුරුවා හරිමින් චීන රජය ඊට වගකිව යුතුයැයි ප්‍රකාශ කළහ.

මෙය කෙතරම් නම්  විශාල බොරුවක් ද? 2010 සිට 2018 දක්වා චීන රජයේ ක්‍රියාකාරී හා ඵලදායී ප්‍රතිපත්තියන් හේතුවෙන් , ෂින්ජියංහි උයිගුර් ජාතිකයන්ගේ සංඛ්‍යාව මිලියන 10.17 සිට මිලියන 12.72 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 25.04% ක වැඩිවීමකි. ෂින්ජියංහි සමස්ත ජනගහනයේ වර්ධන වේගයට වඩා ඉහළ අගයක් වන මෙම සංඛ්‍යාව  හැන් ජාතික ජනගහනයේ වර්ධන වේගය වන 2% කට වඩා සැලකිය යුතු ලෙස වැඩිවීමකි.

ඇත්ත වශයෙන්ම, ඇමරිකාව ජන සංහාරයන් සැබවින්ම පවතින රටකි. "වර්ගවාදය ඇමරිකාවේ ප්‍රධාන හා කල් පවත්නා ලක්ෂණයක්" යැයි ඇමරිකානු විද්වතෙකු වන Derrick Bell මහතා ලියූ නිබන්ධනය,ඉතිහාසය හා යථාර්ථය මගින් සනාථ කර තිබේ.

ඇමරිකාවේ ඉතිහාසය දෙස ආපසු බලන විට, ඇමරිකානු  රජයන් රතු ඉන්දියානුවන් කෙරෙහි අනිවාර්ය ජන සංහාරයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර ඔවුන්ට තිබිය යුතු සිවිල් අයිතිවාසිකම් අහිමි කළේය . විසිවන සියවස ආරම්භය වන විට ඇමරිකාවේ රතු ඉන්දියානු ජනගහනය 1492 දී මිලියන 5 සිට 2ලක්ෂ 5දාහක් දක්වා පහත වැටිණ.

මෑත වසරවලදී, ත්‍රස්තවාදය නිදහසට කරුණක් ලෙස භාවිත කරන  ඇමරිකානු රජය ඉරාකය, සිරියාව, ලිබියාව, ඇෆ්ගනිස්ථානය සහ වෙනත් මුස්ලිම් රටවල යුද්ධ අවුලුවා  එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන ගණනක් අහිංසක සිවිල් වැසියන්ට හානි සිදු කළේය . සමාජයේ මුස්ලිම්වරුන්ට එරෙහිව විශාල වෙනස්කම් ඇති බව 2017 මුලදී පිව් පර්යේෂණ මධ්‍යස්ථානය නිකුත් කළ සමීක්ෂණයක දී  ඇමරිකාවේ වැඩිහිටි මුස්ලිම්වරුන්ගෙන් 75% ක් ප්‍රකාශ කළහ.

සුළු ජාතිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ගැන චීනය සමඟ කතා කිරීමට ඇමරිකානු දේශපාලනඥයින්ට සුදුසුකම් නොමැත. ජාතිවාදී අපරාධ සම්බන්ධයෙන් ඇමරිකාව වගකිව යුතුය‍.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන