බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක ඩිජිටල් සේවා බදු පරීක්ෂණවල ප්‍රතිඵල ඇමරිකාව නිකුත් කරයි
2021-01-15 15:38:59
Share with:

බ්‍රිතාන්‍යයේ, ස්පාඤ්ඤයේ සහ ඔස්ට්‍රියාවේ ඩිජිටල් සේවා බදු ප්‍රතිපත්ති මගින්, ඇමරිකාවේ සමාගම් වෙනස් ලෙස සලකන බව ඇමරිකාව ප්‍රකාශ කරයි.

ඊයේ (14) ඇමරිකාවේ වෙළඳ නියෝජිත කාර්යාලය විසින් එම රටවල් තුන කෙරෙහි ඩිජිටල් සේවා බදු පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළේය. එම රටවල ඩිජිටල් සේවා බදු ප්‍රතිපත්ති පො‍දු ජාත්‍යන්තර බදු මූලධර්මයට විරුද්ධ වන අතර ඉන් ඇමරිකාවේ සමාගම් වෙනස් ලෙසට සලකන ‍බව ඇමරිකාව පැවසීය.

මෙ වන විට අදාළ ප්‍රති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක නොකළද , අදාළ ප්‍රතිපත්ති තවමත් තක්‍සේරු කරමින් සිටින බව ඇමරිකාව පැවසීය. ජාත්‍යන්තර වෙළඳාමේ යෙදෙන සමාගම්වලින් බදු අය කිරීම වැදගත් කාරණයකි. අදාළ රටවල් සමග ඊට සුදුසු විසඳුමක් සොයා ගත යුතු බව ඇමරිකාවේ වෙළඳ නියෝජිතයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන