සති දෙකක් තුළ වුහාන් නගරයේ කෙරොනා වෛරස මුළාරම්භ පර්යේෂනයන්‍‍ට සම්බන්ධවීමට ජාත්‍යන්තර විශේෂඥයන් සූදානම්
2021-01-15 20:10:08
Share with:

කොවිඩ් 19 වෛරස මුළාරම්භය පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් සිංගප්පූරුවේ සිට චීනයේ වුහාන් නගරයට ළඟා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්  Tedros Adhanom Ghebreyesus මහතා ඊයේ (14) ප්‍රකාශ කළේය.ඔහු මේ බව ප්‍රකාශ කළේ එදින පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටු රැස්වීමේදීය. අයි ජී එම්(IgM)පරීක්ෂණයේ ප්‍රතිඵලය ධනාත්මක වීම හේතුවෙන් තවත් විශේෂඥයන් දෙදෙනෙක් තවමත් සිංගප්පූරුවේ රැඳී සිටින බව ඔහු අනාවරණය ‍කළේය.

වුහාන් නගරයට පැමිණ සිටින සාමාජිකයින් සති දෙකක් හුදෙකලාවේ සිටින  අතර එම කාලය තුළ ඔවුන් චීන විශේෂඥයන්  සමඟ දුරස්ථ ආකාරයෙන් සම්බන්ධ වනු ඇත. නිරෝධායනය අවසන් වීමෙන් පසු, ඔවුන් සති දෙකක් තුළ වුහාන් නගරයේ අදාළ පර්යේෂනයන්‍‍ට සම්බන්ධවීමට  සූදානම් බව Tedros Adhanom Ghebreyesus මහතා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන