ප්‍රථම COVID-19 එන්නත් තොගයක් අප්‍රිකානු සංගමයට
2021-01-15 18:48:40
Share with:

ප්‍රථම COVID-19 එන්නත් තොගයක් අප්‍රිකානු සංගමයට_fororder_94ab07c5907dc8dae18b85a1697091e6

සිය ප්‍රථම COVID-19 එන්නත් තොගය අප්‍රිකානු සංගමය ලබා ගනී.

අප්‍රිකානු සංගමයේ වාරික සභාපති, දකුණු අප්‍රිකා ජනාධිපති Cyril Ramaphosa මහතා පසුගිය 13වැනි දා ප්‍රකාශ කළේ, අප්‍රිකානු සංගමයට COVID-19 එන්නත් කෝටි 27ක් ලැබ ඇති බවයි. ඉන් ප්‍රථම තොගය වන කෝටි 5ක් ලබන අප්‍රේල් මාසයත් ජූනී මාසයත් අතර කාලයේ අප්‍රිකානු මහාද්වීපයට ළඟ වනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා Gavi සංවිධානයේ සහාය යටතේ ස්ථාපිත කෙරුණු COVAX නමැති COVID-19 එන්නත් ක්‍රියාත්මක වැඩපිළිවෙළ, මධ්‍යම හා අඩු ආදායම් සහිත රටවලට සාධාරණ හා යුක්ති සහගත බව පදනම් ව එන්නත් ලැබීමට උපකාර කිරීම සම්බන්ධයෙන්, අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා සඳහන් කරයි.

ඉහළ ආදායම් සහිත රටවල් සක්‍රීය ලෙස අප්‍රිකානු මහාද්වීපයට සහාය ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි වැඩසටහනේ ප්‍රධානී Michael Ryan මහතා පසුගිය 13වැනි දා ඉල්ලා තිබේ. එමගින්, ගෝලීය වශයෙන් එන්නත් අසමතුලිතතාව අවම කිරීමට අපේක්ෂිත ය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන