සිනමා කර්මාන්තයට බදු සහන
2021-01-15 15:45:02
Share with:

සිනමා කර්මාන්තයට බදු සහන_fororder_1574305717-Mahinda-Rajapaksa-to-take-oath-as-new-Premier-today-L

සිනමා කර්මාන්තයට අදාල බදු සහනය නැවතවරක් ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කරයි. බදු සහන ලබාදීමේ වැඩපිළිවෙල ඊයේ (14) සිට ක්‍රියාත්මකයි. සිනමා කර්මාන්තයේ නියැලෙන්නන් අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ. චිත්‍රපට නිෂ්පාදනය සහ ප්‍රදර්ශනය සදහා භාවිත කරන තාක්ෂණික උපකරණ ආනයනය කිරීමේදී තීරුබදු සහන මේ යටතේ හිමිවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී වැය කරන මුදලට බදු සහන සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන මුදලට බදු සහන ලබාදීම කෙරෙහි ද අවධානය යොමුව ඇත. මෙම බදු සහන චිත්‍රපට සංස්ථාවේ අනුමැතියට යටත්ව ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසයි.

ගුවන් විදුලිය
20240918බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන