චීනයෙන් ජාත්‍යන්තර වෙළඳාමට විශාල ශක්තියක්
2021-01-15 15:09:33
Share with:

චීනයෙන් ජාත්‍යන්තර වෙළඳාමට විශාල ශක්තියක්_fororder_TIM圖片20210115150809

චීනයේ විදේශ වෙළඳාම අඛණ්ඩව ලෝකයට ප්‍රතිසාධන ශක්තියක් ලබා දෙයි 

මුළු වර්ෂයේ සමස්ත ආනයන හා අපනයනවල වටිනාකම වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණ තිබේ. සමස්ත අපනයනවල  වටිනාකම වාර්තාගත ඉහළ මට්ටමකට ළඟා විය.එය ජාත්‍යන්තර වෙළඳපොලේ හිමි ප්‍රමාණය වාර්තාගත ඉහළ මට්ටමකට පැමිණීමකි. චීන ජාතික  රේගු  පරිපාලනය විසින් ඊයේ( 14 ) නිකුත් කරන ලද 2020  චීනයේ විදේශ වෙළඳාම  පිළිබඳ  වාර්තාව ඉතා ධනාත්මක ය.

කොරොනා වසංගත වැළැක්වීම සහ පාලනය සහ කාර්ය  සහ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීම සඳහා චීනය ගත් ඵලදායී සම්බන්ධීකරණය හේතුවෙන්, පළමු කාර්තුවේ තියුණු කම්පනයකින් පසු චීනයේ විදේශ වෙළඳාම කඩිනමින් ස්ථාවර විය. ආනයන හා අපනයන ප්‍රමාණය කාර්තුවෙන් කාර්තුවට  ඉහළ ගොස් තිබේ.

දත්ත වලට අනුව ,සමස්ත වසර තුළ චීනයේ භාණ්ඩ වෙළඳාමේ ආනයන හා අපනයන පොදු වටිනාකම යුවාන් ට්‍රිලියන 32.16 කි . එය 2019 ට වඩා 1.9% ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2020 දී ලෝකයේ භාණ්ඩ වෙළඳාමේ ධනාත්මක වර්ධනයක් ලබාගත් එකම ප්‍රධාන ආර්ථිකය  චීනය ය. විශේෂයෙන්, කොරොනා වසංගත වැළැක්වීමේ ද්‍රව්‍ය අපනයනය කිරීම සහ “ගෘහස්ත ආර්ථික” නිෂ්පාදන ගෝලීය වසංගත වැළැක්වීමේ ද්‍රව්‍යවල අවශ්‍යතා සහතික කිරීම පමණක් නොව, වසංගත විරෝධී කාල පරිච්ඡේදය තුළ ලොව පුරා  නිවාස කාර්යාල සහ පරිභෝජන අවශ්‍යතා සපුරාලීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දී තිබේ. ආනයනය පිළිබද සැලකීමේ දී, චීනයේ සුපිරි විශාල වෙළඳපල වාසිය ද ලෝකයට සංවර්ධන අවකාශයක් නිර්මාණය කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ පසුගිය වසරේ දෙසැම්බරයේ චීනයේ ශක්තිමත් ආර්ථික ප්‍රකෘතිය විදේශීය නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම උත්තේජනය කිරීමක් බවයි.

නව වසර තුළ ආර්ථික ගෝලීයකරණයට ස්ථිර ලෙස සහයෝගය දක්වනු ඇති චීනය ‍ලෝකයේ විශාලතම භාණ්ඩ වෙළඳ රට ලෙස සිය කාර්යභාරය ඉටු කරනවා පමණක් නොව සිය ආර්ථික ප්‍රකෘතියේ ශක්තිය අඛණ්ඩව ලොවට සම්ප්‍රේෂණය කරනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන