සේලයින් පස සහිත ඉඩම්වල වගා කළ හැකි නව වී ප්‍රභේදයක්
2021-01-15 20:11:01
Share with:

චීනයේ දෙමුහුන් සහල් පර්යේෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු හා නායකයෙකු වන යුවාන් ලෝංපින් මහතා ප්‍රමුඛ කාර්ය කණ්ඩායම චීනයේ ස්ථාන දහයකදී විශාල වශයෙන්  “මුහුදු සහල්” වගාව පසුගිය වසරේ ආරම්භ කළහ. ලෝක ප්‍රකට දෙමුහුන් සහල් විශේෂඥයෙකු වන යුවාන් ලෝංපින් මහතා ආරම්භ කළ එම ව්‍යාපෘතියෙන් සාමාන්‍යයෙන් හෙක්ටාරයකට මුහුදු සහල් කිලෝග්‍රෑම් 5970 ක් නිෂ්පාදනය කළ හැකිය.

පස්වන ජාත්‍යන්තර මුහුදු සහල් සංසදය අද (15) චීනයේ හයිනාන් පළාතේ සන්යා නගරයේදී පැවැත්විණ.මේ වසර තුළ මුහුදු සහල් කාර්මිකකරණය සහ වාණිජමය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බව යුවාන් ලෝංපින් මහතාගේ කණ්ඩායම එම සංසදයේදී ප්‍රකාශ කළහ . ඉදිරි වසර 8-10 තුළ සේලයින් පස සහිත ඉඩම් හෙක්ටාර් මිලියන 6.67ක එම ප්‍රභේදය වගා කෙරෙනු  බව ද එම කණ්ඩායම පවසති.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන