චීනය හා ශ්‍රී ලංකාව පාරම්පරික මිත්‍රශීලී උපායමාර්ගික සහයෝගිතා හවුල්කරුවන් බව චීන ජනාධිපතිවරයා පවසයි
2021-03-30 10:38:03
Share with:

චීනය හා ශ්‍රී ලංකාව පාරම්පරික මිත්‍රශීලී උපායමාර්ගික සහයෝගිතා හවුල්කරුවන් බව චීන ජනාධිපතිවරයා පවසයි_fororder_a018935854a421f4d732d0df47b7084e

චීන ජනාධිපති ෂී ජිං පින් මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථන සංවාදයක නිරත වෙති.

චීනය සහ ශ්‍රී ලංකාව අවංක සහ අන්‍යෝන්‍ය උපකාරී සහකරුවන් මෙන්ම පාරම්පරික මිත්‍රශීලී උපායමාර්ගික සහයෝගිතා හවුල්කරුවන් බව ඊ‍යේ (29) පැවති එම සංවාදයේ දී ෂී ජින් පිං පෙන්වා දුන්නේය. දෙරටේ සබඳතා වර්ධනය කිරීම සඳහා චීනය ඉහළින් අවධානය යොමු කරමින් සිටී. වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා චීනය ශ්‍රී ලංකාවට හැකි තරම් අඛණ්ඩව  ආධාර දෙනු ඇති අතර වසංගත වැළැක්වීම හා පාලනය යහපත් ලෙස ක්‍රියාත්මක කිරීම යටතේ සහයෝගීතාවයේ නව ක්‍රම සහ ක්ෂේත්‍ර ගවේෂණය කරනු ඇතැයි ෂී ජිං පින් මහතා සඳහන් කළේය. එමෙන්ම වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව සමඟ උසස් තත්ත්වයේ එක් තීරයක් එක් මාවතක් ඒකාබද්ධ ගොඩ නගා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ තිරසර සංවර්ධනය සඳහා ප්‍රබල පෙළඹවීමක් ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරයට ශ්‍රී ලංකාව උණුසුම් ලෙස සුබ පතන බවත්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජයග්‍රහණ බෙහෙවින් අගය කරන බවත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය. රට පාලනය කිරීමේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ අත්දැකීම් වලින් ඉගෙන ගෙන, විශේෂයෙන් දරිද්‍රතාවය පිටුදැකීම සහ ග්‍රාමීය පුනර්ජීවනය කිරීමේ උපාය මාර්ග පිළිබඳ හුවමාරුව සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව හෙතෙම කියා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට සහාය වීම සඳහා යටිතල පහසුකම්, සංචාරක සහ වෙනත් ක්ෂේත්‍රයන්හි චීනය සමඟ සහයෝගීතාව පුළුල් කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන