පරිත්‍යාග ලෙස චීනය ලබා දුන් COVID-19 එන්නත් තොගය ගුවන් තොටුපොලේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් භාර ගනු ලබයි
2021-04-01 10:54:10
Share with:

පරිත්‍යාග ලෙස චීනය ලබා දුන් COVID-19 එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් තොටුපොලේ දී භාර ගනී.

චීනය පරිත්‍යාග කළ එන්නත් තොගය ඊයේ (31) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ලඟා වී ඇත. එහි පැවති එන්නත් පිළි ගැනීමේ උත්සවයට ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමතිවරු කිහිප දෙනෙක් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනමාධ්‍ය හරහා ප්‍රකාශ කළේ නව කොරොනා වසංගතය මර්දනය කිරීමේ ජාත්‍යන්තර සහයෝගිතා පැවැත්වීමේදී චීන නායකයන් හා ජනතාව ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කරන බවයි.

මේ සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති   Qi Zhenhong මහතා ප්‍රකාශ කළේ එම එන්නත් ‍තොගය මගින් දෙරටේ ජනතාව අතර පවතින ගැඹුරු සහෝදර මිත්‍රත්වය යළි පිළිබිඹු වූ බවයි. එමෙන්ම, එකමුතුව හා සහයෝගිතා පැවැත්වීම, හැකි ඉක්මනින් වසංගතය මර්දනය කර පොදු ඉරණමක් සහිත මානව සෞඛ්‍ය ප්‍රජාවක් ගොඩනැගීමට අනිවාර්ය බව හෙතෙම එහිදී සඳහන් කළේය.

එම එන්නත් පිළි ගැනීමේ උත්සවයට එක්වූ  ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ,චීනය ශ්‍රී ලංකාවට එන්නත් පරිත්‍යාග කිරීම දෙරටේ මිත්‍රත්වයේ තවත් වැදගත් සංකේතයක් බවයි.

පරිත්‍යාග ලෙස චීනය ලබා දුන් COVID-19 එන්නත් තොගය ගුවන් තොටුපොලේ දී  ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් භාර ගනු ලබයි_fororder_0d692b55d1372b4bc25f7b7057cc26a8

පරිත්‍යාග ලෙස චීනය ලබා දුන් COVID-19 එන්නත් තොගය ගුවන් තොටුපොලේ දී  ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් භාර ගනු ලබයි_fororder_e78ac80e53e5b4ae81db6ce0e252577d

පරිත්‍යාග ලෙස චීනය ලබා දුන් COVID-19 එන්නත් තොගය ගුවන් තොටුපොලේ දී  ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් භාර ගනු ලබයි_fororder_5228b05261570ed831496e33a4ea46fb

පරිත්‍යාග ලෙස චීනය ලබා දුන් COVID-19 එන්නත් තොගය ගුවන් තොටුපොලේ දී  ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් භාර ගනු ලබයි_fororder_35749604920acaf3009e44111d970a28

පරිත්‍යාග ලෙස චීනය ලබා දුන් COVID-19 එන්නත් තොගය ගුවන් තොටුපොලේ දී  ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් භාර ගනු ලබයි_fororder_5db1a1b65a9ca2d2f30e50ea3dab3f34

පරිත්‍යාග ලෙස චීනය ලබා දුන් COVID-19 එන්නත් තොගය ගුවන් තොටුපොලේ දී  ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් භාර ගනු ලබයි_fororder_de49a1e44e7546088fe1c4eac3b97457

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන