චීන ජනාධිපතිවරයා හා ජර්මන් චාන්සලර්වරිය අතර දුරකථන සංවාදයක්
2021-04-07 19:14:30
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය දුරකථන සංවාදයක ‍නිරත වෙති.

චීන සංවර්ධනයෙන් යුරෝපා සංගමයට අවස්ථා දිනා ගත හැකි බවත් යුරෝපා සංගමයට ස්වාධීන වශයෙන් තීරණ ගනිමින් සැබෑම උපක්‍රමීය ස්වෛරීභාවය ඉටු කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. චීනය යුරෝපා පාර්ශ්වය සමග එක්ව දේශගුණික විපර්යාසය ඇතුළු ගෝලීය පාලන ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් හුවමාරු පුළුල් කිරීමටත් බහුපාර්ශ්වවාදය අනුගමනය කිරීමටත් කැමති බව ද හෙතෙම පැවසීය.

එන්නත, දේශපාලනීකරණය කිරීමට හෝ ‘එන්නත් ජාතිවාදය’ට චීනය විරුද්ධ ය. එන්නත් සාධාරණ ‍ලෙස බෙදා දීම සඳහාත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් ලබා දීමට සහාය වීම සඳහාත් චීනය ජර්මනිය ඇතුළු ජගත් ප්‍රජාව සමග එක්ව පියවර ගැනීමට කැමති බවද ෂී ජින්පිං මහතා සඳහන් කර ඇත.

එහිදී ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය කියා සිටියේ වත්මන් ලෝකය මුහුණ දෙන අභියෝග හා ගැටළු සඳහා චීන-ජර්මානු හා චීන-යුරෝපීය සහයෝගතා අතිශයින් වැදගත් බවයි. ජර්මනිය චීනය සමග නව වටයේ ජර්මානු චීන රාජ්‍ය සාකච්ඡාව සඳහා සූදානම් කටයුතු සිදු කරමින් මානව හුවමාරුව, වසංගත පාලනය, දේශගුණික විපර්යාසය, ජෛව විවිධත්වය යනාදී ක්‍ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගතා පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ඇය ප්‍රකාශ කළාය. එන්නත් සාධාරණ ලෙස බෙදා දීම පිළිබඳව චීනය සමග අදහස් හුවමාරු පවත්වා ගෙන යනු ඇතැයි ද ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන