චීන විවෘත ආර්ථිකයේ නව උස් බිමක් බවට පත්වන හයි නැන්
2021-04-13 11:55:46
Share with:

හයි නැන්, චීනයේ එකම පළාත් මට්ටමේ විශේෂ ආර්ථික කලාපය පමණක් නොව ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීම සඳහා චීනය අත්හදා බලා ඇති විශාලතම ප්‍රදේශය ද වේ. චීනයේ දකුණින් ම පිහිටි මෙම දූපත චීනයේ සංවර්ධන ගමන් මඟ විදහා දැක්වෙන කදිම නිදසුනකි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හයි නැන් හි සංවර්ධනය පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වයි. නිරීක්ෂණයන් වෙනුවෙන් හෙතෙම හයි නැන් පළාතට බො‍හෝ වර ගොස් තිබේ. 2018 වසරේ හයි නැන් පළාතට ඓතිහාසික අවස්ථාවක් උදා විය. හයි නැන් පළාතේ විශේෂ ආර්ථික කලාපය ස්ථාපිත කිරීමේ 30වැනි සංවත්සරය වෙනුවෙන් පැවති සමුළුවේදී ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ හයි නැන් දූපත නිදහස් වෙළඳ කලාපය වශයෙන් ගොඩ නගන බවයි. හයි නැන් දූපත චීන ලක්ෂණයන්ගෙන් යුත් නිදහස් වෙළඳ වරායක් බවට පත් කිරීම ක්‍රමානුකූලව හා විධිමත් ලෙස ඉදිරියට ගෙන යන බවත්, එමගින් පියවරෙන් පියවර නිදහස් වෙළඳ වරාය පිළිබඳ ප්‍රතිපත්ති හා පද්ධති සකස් කරන බවත්, චීන ජනාධිපතිවරයා එම සමුළුවේදී කියා සිටියේ ය.

වත්මන් ලෝකයේ ඉහළ ම මට්ටමේ විවෘත ක්‍රමවේදයක් වන්නේ නිදහස් වෙළඳ වරාය සංකල්පයයි.  හයි නැන් නිදහස් වෙළඳ වරාය සංවර්ධනය හා  සැලැසුම් ඉදිරියට ගෙනයාම ෂී ජින් පිං ජනාධිපතිවරයා විසින්  සිදු කරන ලදි. හයි නැන් නිදහස් වෙළඳ වරාය ඉදිකිරීමේදී ක්‍රම සංවර්ධනය හා නිර්මාණශීලිත්වයට මුල් තැන දෙමින් සංවර්ධන ව්‍යාපෘති පියවරෙන් පියවර ක්‍රියාත්මක කළ යුතු බව 2020 වසරේ ජුනි මස හෙතෙම උපදෙස් දී තිබිණ. 2025 වසර වන විට වෙළඳ හා ආයෝජන නිදහස සහ පහසුව මූලික වන නිදහස් වෙළඳ වරාය ප්‍රතිපත්ති පද්ධතියක් ස්ථාපිත කිරීමට චීනය අපේක්ෂා කරයි. එමෙන් ම,  හයි නැන් , 2035 වසර වන විට චීන විවෘත ආර්ථිකයේ නව උස් බිමක් බවට ද මෙම සියවස මැද භාගය වන විට ශක්තිමත් ජාත්‍යන්තර බලපෑමක් ඇති ඉහළ මට්ටමේ නිදහස් වෙළඳ වරායක් බවට ද පත් කිරීම චීනයේ තවත් ඉලක්කයකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන