චීන ජනාධිපතිවරයා ට්සිංහුවා විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක
2021-04-19 15:22:40
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ට්සිංහුවා විශ්ව විද්‍යාලය නිරීක්ෂණය කරයි.

ට්සිංහුවා විශ්ව විද්‍යාලයේ 110 වන සංවත්සරය වෙනුවෙන් හෙතෙම ‍මෙම නිරීක්ෂණ චාරිකාවේ නිරත විය. එහි කලා පීඨය, බුද්ධිමය තාක්ෂණ පරීක්ෂණාගාරය යන ස්ථාන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා විශ්ව විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ, අධ්‍යයන කටයුතුවල නිර්මාණශීලිත්ව තත්ත්වය ද විමසුවේය. අනතුරුව හෙතෙම ගුරු සිසුන් සමග පිළිසඳරක නිරත‍ වෙමින් දේශනයක් ද සිදු කළේ ය.

ලෝක ප්‍රසිද්ධ ට්සිංහුවා විශ්ව විද්‍යාලයෙන් විද්වතුන් හා උගතුන් විශාල සංඛ්‍යාවක් බිහි වී ඇත. චීනයේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ නායකයෝ ද එම විශ්ව විද්‍යාලයේ ආදි සිසූහු වෙති. ඒ අතරින් පළාත් මට්ටමට වඩා උසස් ධුර හෙබවූ නායකයෝ තුන් සියකට වැඩි දෙනෙක් වෙති. වසර 1975ත් 1979ත් අතර කාලයේ දී ෂී ජින්පිං මහතා ට්සිංහුවා විශ්ව විද්‍යාලයේ රසායනික කාර්මික පීඨයේ අධ්‍යාපනය ලැබීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන