තරුණ ‘සන්ෂියන්’ වාදන ශිල්පියා
2021-04-19 10:05:16
Share with:

圖片默認標題_fororder___172.100.100.3_temp_9500051_1_9500051_1_1_6123d3e1-cbdb-485c-8bd8-8843a6ecd528

සන්ෂියන්, තත් තුනක් ඇති චීනයට ආවේණික  සංගීත භාණ්ඩයක්.  සාම්ප්‍රදායික නාඩගම්වල සංගීත වාදනයේදී එය වැදගත් කොටසක්.

33 හැවිරිදි වං යූ, බෙයිජිං වැසියෙක්. පවුලේ බලපෑමෙන් වයස අවුරුදු 11හේ සිට ඔහු සන්ෂියන් වාදන ශිල්පය ඉගෙන ගන්න පටන් ගත්තා. දැනට ඔහු චීන ගුවන් විදුලි ජාතික සංගීත කණ්ඩායමේ සන්ෂියන් වාදන ශිල්පයෙක් ලෙස කටයුතු කරනවා. ඔහු හා සමාන වයසේ සිටින බොහෝ තරුණ අයට සන්ෂියන් ගැන අවබෝධයක් නොමැතිවීම ගැන ඔහු තුළ කණස්සල්ලක් තිබෙනවා. නම පවා දන්නේ නැති අයත් ඉන්නවා. තමා ප්‍රිය කරන සන්ෂියැන් මිනිසුන්ට හඳුන්වාදී වඩාත් ජනප්‍රිය කිරීම වං යූගේ බලාපොරොත්තුවක් වී තිබෙනවා.

එම බලාපොරොත්තුව සැබෑ කිරීමට වං යූ බොහෝ සෙයින් උත්සාහ දරමින් සිටිනවා. ඔහු වාදන කණ්ඩායමේ සංදර්ශනවලට එක් වීමෙන් අනතුරුව, සන්ෂියන් වාදන ගුරුවරයෙක් ලෙසත් කටයුතු කරනවා. තවත් පර්යේෂණ කටයුතුවලත් නිරත වෙනවා. වාදන ශිල්පය පිළිබඳ මඟපෙන්වීම් ග්‍රන්ථ සංස්කරණය කිරීමටත් එක් වෙනවා. මෑතකදී ඔහු විසින් ඉදිරිපත් කළ සන්ෂියන් වාදනය උගන්වන වීඩියෝ මාලාවක් අන්තර් ජාලයට එක්කර තිබෙනවා.

වසර දෙදහසක ඉතිහාසයක් ඇති සන්ෂියන්, අද වන විටත් නිතර නිතර නාඩගම් වේදිකාවලින් හඬ ඇසීම තුළින් එම සාම්‍ප්‍රදායික සංගීත භාණ්ඩවල අමරණීය ආකර්ෂණය ඔප්පු වී තිබෙන බව වං යූගේ අදහසයි. මුතුන් මිත්තන්ගෙන් උරුම කර ගන්නා සන්ෂියන් ප්‍රචලිත කිරීම සඳහා තමා වගකීමක් දරා සිටින බවත් ඔහු හිතනවා.

සම්ප්‍රදායික දේ උරුම කර ගනිමින් එය සංවර්ධනය කළ යුතු බව වං යූට අව‍බෝධයක් තිබෙනවා. වර්තමාන යුගයට ගැලපෙන ලෙස ඔහුට විද්‍යුත් සන්ෂියන් නිර්මාණය කිරීමට හැකි වුණා. ඒ විශාල වෙහෙස උත්සාහයෙන් පසුවයි. ඩිජිට‍ල්කරණය ඇති සන්ෂියන්හි හඬ තුළ විවිධත්වයක් හා විශේෂ මිහිරිබවක් තිබෙනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන