චීන ජනාධිපතිවරයා, බෝ ඖ ආසියානු සාකච්ඡා සභාවේ 2021 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අමතයි
2021-04-20 11:12:36
Share with:

චීන ජනාධිපතිවරයා, බෝ ඖ ආසියානු සාකච්ඡා සභාවේ 2021 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අමතයි_fororder_QQ圖片20210420111219

බෝඕ ආසියානු සංසදයේ  2021 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවය අද (20) පෙරවරුවේ චීනයේ හයිනාන් පළාතේ බෝඕ නගරයේදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ ආකාරයෙන් දේශනයක් කළේය.

ගත වූ වසර 20 තුළ ආසියානු රටවල් කලාපීය ආර්ථික ඒකීයකරණය ගැඹුරින් ප්‍රවර්ධනය කරමින්, ආර්ථික හා සමාජ සංවර්ධනය දිරිගැන්වීම සඳහා එක්ව කටයුතු කර තිබේ. එමගින් දැන් ආසියාව ලෝකයේ බලවත් ම ආර්ථික ජීව ශක්තිය හා වර්ධන විභව සහිත කලාපය බවට පත් ව ඇතැයි එම දේශනයෙහි සඳහන් වේ. ආසියාවේ වැදගත් සාමාජිකයෙකු ලෙස චීනය ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය අඛණ්ඩව ගැඹුරට ගෙන යමින් කලාපීය සහයෝගීතා සක්‍රීයව ප්‍රවර්ධනය කරන අතර ආසියාව සහ ලෝකය සමඟ ප්‍රගති ලබා ගෙන ඇත. චීනය, ආසියාව සහ ලෝකය ගමන් කළ අසාමාන්‍ය ගමන සනාථ කර ඇති බෝඕ ආසියානු සංසදය ආසියාවේ සහ ලෝකයේ සංවර්ධනයට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බව ෂී ජින් පිං මහතා සිය දේශනයෙන් අවධාරණය කළේය.

ෂී ජින් පිං මහතා සඳහන් කළේ, විවිධ පාර්ශ්වයන් සාකච්ඡා කර අන්තර්ජාතික කාර්යයන් හැසිරවිය යුතු බවයි. එක්තරා රටක් හෝ රටවල් කිහිපයක් විසින් සම්පාදනය කරනු ලබන රෙගුලාසි බලහත්කාරයෙන් වෙනත් රටවලට පවරා දිය නොහැකි ය. යම්කිසි රටක ඒකපාර්ශ්වවාදය ප්‍රවණතාවන් ලෙසට මුළු ලෝකයට පවරා දිය නොහැකි ය. යුක්තිය මිස දාමරිකකම ලෝකය තුළ මතු විය නොහැකි ය. විශාල රටවල් වැඩි වගකීම් පෙන්නුම් කළ යුතු බව ද ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ.

සංවර්ධනය සොයා ගෙන පොදු ජයග්‍රහණ ලබා ගනිමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ පොදුවේ ප්‍රවර්ධනය කිරීම අපේක්ෂාව ගෙන යන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

බෝඕ ආසියා සංසදයේ 2021 වාර්ෂික සැසියේ ආරම්භක උත්සවයට වීඩියෝ ආකාරයෙන් එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මේ බව ප්‍රකාශ කළේය. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඒ ඒ පාර්ශ්වයන් සමඟ ඉදිරියට ගමන් කිරීමේ මාර්ගයකි. එය, එකම පාර්ශ්වයේ පෞද්ගලික පාරක් නොවේ. පොදුවේ සහභාගිවී,පොදුවේ සහයෝගිතා පවත්වා පොදුවේ ජයග්‍රහණ ලබා ගනිමින් එම වැඩපිළිවෙළට කැමැත්ත දක්වන සියළු රටවලට ඊට සහභාගි විය හැකි බවද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේය.

හෙතෙම පෙන්වා දුන්නේ වසර 2030 වන විට එක් තීරයක් එක් මාවතක් පොදුවේ ගොඩනැගීමට ලොව පුරා මිලියන 7.6 ක ජනතාව දරිද්‍රතාවයෙන් මිදීමට සහ මිලියන 32 ක ජනතාවට මධ්‍යස්ථ දරිද්‍රතාවයෙන් මිදීමට ඉවහල් වන බවයි. විවෘතභාවය සහ ඉවසීම යන චින්තන ඇතිව, ඊට එක් වීමට කැමති විවිධ පාර්ශ්වයන් සමග එක්ව  එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ “දරිද්‍රතාවය අවම කිරීමේ මාවතක්”සහ “වර්ධන මාවතක්” බවට පත් කිරීම මගින් මානව වර්ගයාගේ පොදු සමෘද්ධිය සාක්ෂාත් කිරීම සඳහා දායක වීමට චීනය කැමති බව ෂී ජින් පිං මහතා සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන