ශ්‍රී ලංකාවේ සංවර්ධනය තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවයි
2021-04-20 08:58:42
Share with:

ශ්‍රී ලංකාවේ සංවර්ධනය තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකාවයි_fororder_QQ圖片20210419182853

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනි ඇලීනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ශ්‍රී ලංකා ජනතාවගේ පලප්‍රයෝජනය වෙනුවෙන්  පෙනී සිටින ආකාරයෙන් සිදු කළ අදහස් දැක්වීමකින් පසු ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ උණුසුම් මතවාද මතු‍ වෙමින් තිබෙනවා. ලෝකයේ බලවත් රටක තානාපතිවරියක වශයෙන් එතුමිය පැහැදිලිව පමණක් නොව දරුණු ආකාරයෙන් කොළඹ වරාය නගරය පිළිබඳව සැක පළ කිරීම පුදුමු සගහතයි.  ඊට සමගාමීව “ආර්ථික ත්‍රස්තවාදය”, “ආර්ථික බෙදුම්වාදය”, “ආර්ථික ආක්‍රමණය” වැනි ඉතා බරපතල වචන කිහිපයක් මතු වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන්ද පුද්ගලික දෝෂාරෝපණයන්ට ලක් වී තිබෙනවා. ඇමරිකාව විසින් තරඟකාරී පාර්ශ්වයට එරෙහිව ක්‍රියාත්මක කරන ලද විවිධ පියවරයන්ට තව තවත් රටවල් ඇතුළත් කර ගැනීමට ක්‍රියා කරන බව දකින්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ජනතාව මෝඩ නොමැති බවයි. අප ඊට සම්පූර්ණයෙන්ම එකඟයි. ඇමරිකාවේ තානාපතිවරිය ගේ ප්‍රකාශය පිටුපසත් ආර්ථික සහයෝගිතාව දේශපාලනීකරණය කරවීමට දරන උත්සාහයන් පිටුපසත් ඇති සත්‍ය කරුණු කුමක් ද ?

කොළඹ වරාය නගරය පිළිබඳව අදහස් දැක්වීමේ අයිතියක් ශ්‍රී ලංකාවට තිබෙනවා. එහෙත් ඒ ගැන කථා කිරීමට ඇමරිකාවට ඇත්තේ කිනම් අයිතියක් ද? ලෝකයේ විවිධ ර‍ටවල මෙවැනි නිදහස් ආර්ථික කලාප සාර්ථකව බිහි කර තිබෙනවා. එහෙත් ශ්‍රී ලංකාවේ එවැනි කලාපයක් ගොඩනැගීමට ක්‍රියා කරන අවස්ථාවේදී ‍කළු සල්ලි ජාවාරම් සිදු වීම වැනි පදනම් විරහිත සැක මතු වීම පුදුමයට කරුණක්.

කොළඹ වරාය නගරය ආර්ථික ව්‍යාපෘතියක්. එම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙනුත් ජනතාවගේ සුබ සෙත වෙනුවෙනුත් දායක වීම සඳහා විවිධ පාර්ශ්වයන්ගේ පොදු සහයෝගතාව අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගැලපෙන සංවර්ධන ක්‍රියාමර්ගයක් බිහි කිරීමට එරට දේශපාලන නායකත්වයට වගකීමක් තිබෙනවා. සහයෝගිතා පාර්ශ්වය, සහයෝගිතා ක්‍රමය ඇතුළු සියලු කරුණු සිදු වන්නේ අන්‍යෝන්‍ය කැමැත්ත මතයි.

චීනය කවදාවත් වෙනත් රටක ස්වෛරීභාවය හානි සිදු කර නැහැ. එයට ඉතිහාසය සාක්ෂි දරනවා. ණය මුදල් හෝ මානව හිමිකම් හෝ උපායමාර්ගික කරුණු ප්‍රයෝජනයට ගනිමින් වෙනත් රටක් පාලනය කිරීමට චීනය කටයුතු කරන්නේ නැහැ. අන්‍යෝන්‍ය යහපත මෙන්ම අන්‍යෝන්‍ය ගෞරවය මත සියලු පාර්ශ්වයන් සමඟ සහයෝගතා පවත්වා ගෙන යාම චීනයේ ප්‍රතිපත්තියයි. ඇමරිකාවේ කැමැත්ත හෝ අකමැත්ත අනුගමනය කිරීම චී‍නයේ තේරීමක් නෙමෙයි. වරාය නගරය සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිටුපස වෙනත් අරමුණු ඇති බවට බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාව තේරුම් ගනු ඇතැයි අප විශ්වාස කරනවා. ඉතිහාසය දෙස බැලීමෙන් එය මනාව අවබෝධ කර ගත හැකියි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන