ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් ක්ෂේත්‍ර වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ චීන රජය ලබා දෙන සහාය ජනාධිපතිවරයා ගේ පැසසුමට
2021-04-21 19:15:39
Share with:

ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් ක්ෂේත්‍ර වෙනුවෙන් චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ චීන රජය ලබා දෙන සහාය ජනාධිපතිවරයා ගේ පැසසුමට_fororder_QQ圖片20210421162413

ශ්‍රී ලංකාව ආයෝජනය සඳහා ගමනාන්තයක් කර ගන්නා ලෙස 'බොආඕ සංසදයේ' සාමාජික රටවලින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරයි.

මහජන චීන සමූහාණ්ඩුව “බොආඕ” සංසදය මගින් සිදු කරන කාර්ය භාරය ඇගයීමට ලක් කළ ජනාධිපති රාජපක්ෂ මහතා ශත වර්ෂ ගණනාවක ප්‍රෞඪ ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර ඇති අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ක්‍රමෝපායික හවුල්කාරීත්වය සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන වැදගත් ක්ෂේත්‍ර වෙනුවෙන්  චීන ජනාධිපති  ෂී ජින්පිං මහතා සහ චීන රජය විසින් ශ්‍රී ලංකාව වෙත දැක්වූ සහයෝගය අගය කරන බවද හෙතෙම චීනයේ හයිනාන්හි, බොආඕ නගරයේ පැවැත්වෙන බෝආඕ  සමුළුව ඊයේ (20) වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් පැවසීය.

ගුවන් විදුලිය
20240919බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන