පාස්කු දින කුරිරු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අගමැති කියයි
2021-04-21 19:14:43
Share with:

පාස්කු දින කුරිරු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අගමැති කියයි_fororder_QQ圖片20210421162400

පාස්කු දින කුරිරු ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාස්කු ඉරුදින මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර දෙකක් සපිරෙන අතර, ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු සභාගැබේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව මෙම නිහඩතාව පැවැත් වූ අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ පාස්කු කොමිසම මගින් හෙළිදරව් කර ගත් තොරතුරු පදනම් කරගෙන සකස් කළ වාර්තාව සහ අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

අධිකරණ ක්‍රියාමාර්ග සඳහා රජය මැදිහත් නොවන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා එම අධිකරණ ක්‍රියාමාර්ග සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන බව සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන විමර්ෂන කටයුතු ඉතා ස්වාධීන ව සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සළසා දී ඇතැයිද  අග්‍රාමාත්‍යවරයා කීය.

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන