එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල කිසිඳු අකාරයක ණය උගුලක් නොවන බව අවධාරණය කෙරේ
2021-04-21 20:08:12
Share with:

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල කිසිඳු අකාරයක ණය උගුලක් නොවන බව අවධාරණය කෙරේ_fororder_src=http___mmbiz.qpic.cn_mmbiz_jpg_ianQEOoGZ65A1ibz6QrXhic0q50nVCC4cy84ibIUrhsxicvfbPK9UO2fzW1j4bRdib2OB1EG8S3CIZ9fgCyJK99D3adQ_0_wx_fmt=jpeg&refer=http___mmbiz.qpic

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල කිසිදු ආකාරයක ණය උගුලක් නොවන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ෆීජි රජයේ ප්‍රතිපත්ති උපදේශක Joseph Willam මහතා මෑතකදී ලිපි පළ කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉහළින් අගය කර ඇත. එම ලිපි තුළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ණය උගුල හා භූ දේශපාලන උපකරණයක් බවට පත් කිරීමට ඇතමුන් දරන උත්සාහයන් කෙරෙහි හෙතෙම චෝදනා කළේය.

චීනය ශාන්තිකර සාගරයේ දූපත් රාජ්‍ය 10ක් සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පිළිබඳ සහයෝගිතා අවබෝධ ගිවිසුම්වලට අත්සන් තබා ඇත. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල එම රටවලට අවශ්‍ය වන මෙන්ම එම රටවල් අවංක ලෙස පිළි ගන්නා ජාත්‍යන්තර පොදු නිෂ්පාදනයක් බව ප්‍රායෝගිකන පෙන්නුම් කෙරේ. එය චීනය ඒකපාර්ශ්විකව බලහත්කාරයෙන් එම රටවලට භාර දී නොමැත. එය දූපත් රාජ්‍යවල ජනතාවගේ සුභසෙත වර්ධනය ප්‍රවර්ධනය කිරීමට හිතකර ව්‍යාපෘතියක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Wang Wenbin මහතා අද(21) පැවති දෛනික මාධ්‍ය හමුවේදී පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන