ආර්ථික පිරිවැය අවම කෙරෙන ජපානයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය
2021-04-21 09:04:14
Share with:

ආර්ථික පිරිවැය අවම කෙරෙන ජපානයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය_fororder_78310a55b319ebc4bcaff2db5d6aaef41f171675

න්‍යෂ්ටික අප ජල මුහුදට බැහැර කිරීමේ ප්‍රශ්නය දෙස් විදෙස් වශයෙන් පුළුල් විවේචනයට ලක් වුවද, සිය වගකීමෙන් නිදහස් වීමට ජපානය අඛණ්ඩව වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කරමින් සිටියි. චීනය හා දකුණු කොරියාව යන රටවල් දෙකේ න්‍යෂ්ටික අප ජල පාලන ප්‍රමිතිය ජපානයට වඩා පහළ මට්ටමක පවතින නිසා එම රටවල් දෙක විසින් ජපානය විවේචනය කිරීම පිළිගත නොහැකි බව ජපානය පවසා ඇත.

Fukushima න්‍යෂ්ටික බලාගාර අනතුරේ අප ජලයෙන් ඇති විය හැකි හානි සඟවමින් එය මුහුද‍‍ට බැහැර කිරීම සඳහා සාධාරණත්වය සෙවීම ජපානයේ අරමුණයි. එහෙත් එම අප ජලය ජපානය සඳහන් කරන ආකාරයට සුරක්ෂිත නම්, එය දේශීය ජල සැපයුමට එක් නොකර, වාරි සංවර්ධනයට ‍භාවිත නොකර මුහුදට බැහැර කරන්නේ කුමන අදහසක් පෙරදැරිව ද?

විවිධ රටවල විද්‍යාඥයින් ජපානයේ න්‍යෂ්ටික අප ජල මුහුදට මුදා හැරීමෙන් පසු ඇතිවන තත්ත්වය පිළිබඳ අනාවැකි පළ කර ඇත. ජර්මානු මුහුදු විද්‍යා පර්යේෂණ ආයතනයේ ගණිතමය පැහැදිලි කිරීමට අනුව, එම අප ජලය මුහුදට බැහැර කළ දිනයේ සිට දින 57ක් තුළ විකිරණ ද්‍රව්‍ය ශාන්තිකර සාගර කලාපයේ බහුතර කොටසට ව්‍යාප්ත වේ. වසර තුනකට පසු න්‍යෂ්ටික දූෂණය ඇමරිකාවට හා කැනඩාවට බලපානු ඇත.වසර 10කට පසු සමස්ත ගෝලීය මුහුදු කලාපයට ඉන් හානි සිදු වේ.

වඩාත් සුරක්ෂිත න්‍යෂ්ටික අප ජල පාලන ක්‍රමයක් යොදා ගත හැකි ජපානය මිහිකතට වඩාත් හානිකර ක්‍රමයක් යොදා  ගෙන ඇත. මෙහි ප්‍රධානම හේතුව මුදල් පිරිමැසීමයි. අවම ආර්ථික පිරිවැයෙන්, ජපානය විශාලතම පාරිසරික අවදානම ලෝකයට භාර දී තිබේ. වගකීම් විරහිත එම තීරණය දුරාචාරයකි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන