සංචාරකයන් යළි පිළිගැනීමට සූදානම් වන ශ්‍රී ලංකාව
2021-08-02 13:21:59
Share with:

සංචාරකයන් යළි පිළිගැනීමට සූදානම් වන ශ්‍රී ලංකාව_fororder_09ae0c925bce8b55738dc2c9ab232dde

දිනකට ලක්ෂ පහක් එන්නත් කිරීමට සමත් වූ ශ්‍රී ලංකාව පසුගියදා(30) ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහල පැසසුමට ලක් වුණා. රටේ එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සමත්ව ඇති ශ්‍රී ලංකාව මෑතකදී පැති කිහිපයකින්ම සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර මාලාවක් ගෙන තිබෙනවා.

අදාල සැලසුමට අනුව අගෝස්තු මාසයේ සිට රට පුරා දැවැන්ත  ඒකාබද්ධ සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. රටට වැඩි වශයෙන් සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා සංචාරක හෝටල්,ගුවන් සමාගම් හා සංචාරක සංවිධායකයන්ට ලබා දිය හැකි සහන පැකේජ වශයෙන් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් පිළිබඳව අවධානය යොමු කෙරුණා.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් හොඳ දසුන් හා සංස්කෘතික සම්පත් හැරෙන්නට, සංචාරක මාර්ගගෝපදේශකයින්ගේ හැකියාව හා ගුණාංගත් වැදගත්. ලෝක ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවට නම් එය ඉතා වැදගත් කාරණාවක්. පසුගිය 29වන දින පළ වූ වාර්තාවකට අනුව සංචාරක මාර්ගෝපදේශකයින්ගේ දැනුම හා කුසලතාව වර්ධනය කිරීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ වෘත්තීය සංවර්ධන පාඨමාලාවක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. රටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එය ආරම්භ කර ඇති බවත් වාර්තා වෙනවා.

කොවිඩ් වසංගතයෙන් පසුව ලබන සැප්තැම්බර් මාසය පමණ වන විට මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්කර ගැනීම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂාවයි. ඒ අනුව පූර්ණ සූදානමක් ලෙස මෙම වැඩපිළිවෙල ද ආරම්භ වී තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය හරහා මෙම පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමටත් අයදුම්පත සම්පූර්ණ කර එවීමටත් පහසුකම් සලසා තිබෙනවා.

වෙනත් වාර්තාවකට අනුව පසුගිය 30 වන දා වසර 06 කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ - මොස්කව් ගුවන් ගමන් යළි ආරම්භ කර තිබෙනවා. දිවයින පුරා සංචාරක ආකර්ෂණය ඇති නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හඳුනා ගැනීමත් විශේෂත්වයක්.

සංචාරක කර්මාන්තය මගින් රටේ ආර්ථිකය යළි පුනර්ජීවනය කිරීමට ශ්‍රී ලංකාව පූර්ණ ලෙස සූදානම් වෙමින් සිටින බව දක්නට ලැබෙනවා. මෙබඳු ජයග්‍රහණය ලොව පුරා වසංගතය තවමත් උග්‍ර තත්ත්වයක් හමුවේ නම් අගය කළ යුත්තක්. එන්නත්කරණය පුළුල් වීම මෙහි ප්‍රධානම රුකුල වුවද වසංගතයේ සාමාන්‍යකරණයට හුරු වී වසංගත පාලන විධිවිධාන ලිහිල් නොකිරීම, ර‍ටේ ඕනෑම කර්මාන්තයකට තවමත් අතිශයෙන් වැදගත් බව පෙන්වා දිය යුතුයි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන