සීත කළ ද්‍රව්‍ය දාමය කොරොනාවේ නිහඬ පතුරුවන්නා ද?
2021-09-02 16:48:02
Share with:

සීත කළ ද්‍රව්‍ය දාමය කොරොනාවේ නිහඬ  පතුරුවන්නා ද?_fororder_QQ截圖20210902153811

කොරොනා වෛසරයේ මූලාශ්‍රය සෙවීම පිළිබඳ චීන-ලෝක සෞඛ්‍ය සංවිධාන ඒකාබද්ධ පර්යේෂණ විශේෂඥ කණ්ඩායම විසින් නිකුත් කරන ලද පර්යේෂණ වාර්තාවට අනුව, සීත කළ ද්‍රව්‍ය දාමය, නව කොරොනා වෛරසය හඳුන්වා දීමේ මාර්ගයක් විය හැකියි. අන්තර් මිනිස් පැතිරීම හා වෙනස් ව, සීත කළ ද්‍රව්‍ය දාමයෙන් ඇති වන වෛසරයේ පැතිරීම සොයා ගැනීමට ඉතා අසීරුයි.

කොරොනා වෛරසය ඇති සීත කළ ආහාර ස්පර්ශ කළ අදාල රැකියා නියුක්තිකයා අංක බිංදුවේ රෝගියා බවට පත් වෙනවා. වසංගතයේ මුල් පැතිරීම එම රෝගියාගෙන් සිදු වෙනවා. ඉන් පසුව ඔහු හෝ ඇය වාසය කරන ප්‍රජාව තුළ පැතිරීම හෝ ඊටත් වඩාත් විශාල පරාසයක් තුළ පැතිරීම වේගයෙන් සිදු වෙනවා. ඒ හේතුවෙන් එම අංක බිංදුවේ රෝගියාගෙන් රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළොත් හෝ, වසංගතයේ මුල්ම කාලයේම වෛරසයේ මූලාශ්‍රය සෙවීම සිදු නොක‍ළොත්, සීත කළ ද්‍රව්‍ය දාමයෙන් ඇති වූ වෛරසයේ පැතිරීම බොහෝ විට සොයා ගැනීමට අසීරුයි.

මීට පෙර චීනයට සිය බෙයිජිං, ඩාලියන්, ඡිංදාඕ යන නගරවල, සීත කළ ද්‍රව්‍ය දාමයෙන් පැතිර ගිය වසංගත තත්ත්වයන් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ, වසංගතයේ සුළු ප්‍රමාණ පැතිරීමක් මතු වුණු වහාම එහි මූලාශ්‍රය සෙවීම සුපරීක්ෂාකාරීව සිදු කළ නිසාවෙන්. විශාල පරිමාණ පැතිරීමක් ඇරඹෙනවා නම්, අංක බිංදුවේ රෝගියා සොයා ගැනීම ඉතා අසීරු දෙයක් වෙනවා. එය සීත කළ ද්‍රව්‍ය දාමයෙන් ඇති වසංගත රැල්ලක් නම්, මේ තත්ත්වයත් සැඟවී යනවා.

චීනයට සීත කළ ද්‍රව්‍ය දාමයෙන් වසංගතය පැතිරීමේ තත්ත්වය මුළින්ම අවබෝධ කර ගත හැකිවූයේ චීනය හැම විටම එක් ස්ථානයක මුළින්ම වාර්තා වූ දෛනික අලුත් රෝගීන්ගේ සංඛ්‍යාව ශුන්‍ය කිරීමට උපරිම කාර්යක්ෂමතාවෙන් අවමම කාලයකින් ක්‍රියා කළ නිසා බව චීන රෝග පාලන මධ්‍යස්ථානයේ වෛරස් රෝග වැළැක්වීමේ අංශයේ ප්‍රධානී ශූ වෙන්බෝ මහතා විස්තර කළා.

කෙසේ වුවද සීත කළ ද්‍රව්‍ය දාමය, නව කොරොනා වසංගතය පැතිරීමේ මාර්ගයක් ලෙස, ඉතා දැඩි අවධානය‍‍ට ලක් විය යුතු බව චීන විද්‍යාඥයන් අදහස් කරනවා. ඒ සඳහා ගෝලීය සම්බන්ධීකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කරමින් සීත කළ ද්‍රව්‍ය දාමයෙන් වසංගතය පැතිරීම වැළැක්වීමේ ක්‍රමය පොදුවේ සොයා ගත යුතු බව ද සඳහන් පැවසෙනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන