කොවිඩ් නිසා ඇති වූ අභියෝගයන්ට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යයි
2021-09-12 15:44:35
Share with:

කොවිඩ් නිසා ඇති වූ අභියෝගයන්ට මුහුණ දෙමින් ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යයි_fororder_#微評#斯裡蘭卡服裝業積極應對新冠疫情挑戰

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතුවන අභියෝගයන්ට මුහුණ දෙමින් ඇඟළුම් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය පාර්ශවකරුවන්ගේ සහය ලබා ගැනීම සඳහා මෑතකදී  කරුණු 5 කින් යුත් සැලසුමක් ඉදිරිපත් කර තිබේ.

මෙම සැලසුම නිර්මාණය කර ඇත්තේ ප‍්‍රගතිය මැනීමට මෙන්ම ඊට අදාල අනෙකුත් සියලූ අංශ පිළිබදව නැවත නැවත සොයාබැලීම සහ වාර්තා කිරීම සඳහාය.

සේවකයින් සදහා ආරක්ෂිත සේවා පරිසරයක් සහතික කිරිම ,ඇඟළුම් සමාගම් සිය කාර්යභාරය පුළුල් කිරීම ,අපනයන වෙළෙදපොලේ ඉල්ලූම වැඩි කිරීම සහ රඳවා තබා ගැනීමට බලධාරීන් සමඟ සහයෝගීතාව වර්ධනය කර ගැනීම ,අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය ජාත්‍යන්තරය තුළ ඉහළ ස්ථානයක රැඳවීම  සහ මෙම ක්ෂේත‍්‍රයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගේ තරගකාරීත්වය වර්ධනය කිරීම මෙම පස් වැදෑරුම් සැලසුමට ඇතුළත් කරුණු වෙයි.

මෙම සැලසුම අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් සියලූම පාර්ශවකරුවන්ට අනුගමනය කළ හැකි වැඩපිළිවෙලක් යැයි ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ මහලේකම් ටියුලි කුරේ මහතා පැවසුවේය.

මෙම සැලසුමේ මුල්ම පියවර අනුගමනය කරමින් සේවක ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් එන්නත්කරණ වැඩසටහනක් දැනටමත් ආරම්භ කර තිබේ. සැප්තැම්බර් මස අවසන් වන විට සමස්ත ඇඟළුම් ශ‍්‍රම බලකායට එන්නත් ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගෝලීය ඇඟළුම් නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමට ගන්නා උත්සාහයේදී, විශේෂයෙන්ම උසස් තත්වයේ ඇඟළුම් අපනයනකරුවෙකු ලෙස කර්මාන්තය සිය "Garments without Guilt" වැඩසටහන  යටතේ අත්කර ගෙන ඇති සාර්ථකත්වයෙන් තව තවත් ඔබ්බට යාමට ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය බලාපොරොත්තු වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන