ගෝලීය සංවර්ධන සමබරතාව, සම්බන්ධීකරණය හා සහභාගීත්වය පිළිබඳව චීන ජනාධිපතිවරයාගෙන් යෝජනා හයක්
2021-09-22 20:46:39
Share with:

ගෝලීය සංවර්ධන සමබරතාව, සම්බන්ධීකරණය හා සහභාගීත්වය පිළිබඳව චීන ජනාධිපතිවරයාගෙන් යෝජනා හයක්_fororder_76

සැප්තැම්බර් 21 වන දින එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩලයේ පොදු විවාදය එක්සත් ජාතීන්ගේ නිවියෝර්ක් මූලස්ථානයේදී ඇරඹිණ. 100කට වැඩි රටවල ප්‍රධානීහූ, රාජ්‍ය නායකයෝ හා ඉහළ පෙළේ නියෝජිතවරු විවාදයට එක් වූහ.චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වීඩියෝ ආකාරයෙන් එම අවස්ථාවට එක් වෙමින්, සංවර්ධනය යනු ජනතාවගේ සතුටුදායක ජීවිතය සාක්ෂාත් කිරීමේ කේන්ද්‍රීය මාර්ගය බව පෙන්වා දී තිබේ.

ගෝලීය සංවර්ධන සමබරතාව, සම්බන්ධීකරණය හා සහභාගීත්වය පිළිබඳව චීන ජනාධිපතිවරයාගෙන් යෝජනා හයක්_fororder_微信圖片_20210922203031

වසංගත බලපෑම් හමුවේ, ලෝක වැසියන් ගෝලීය සංවර්ධන සමබරතාව, සම්බන්ධීකරණය හා සහභාගීත්වය පිළිබඳ නව අදියරකට පිවිසීමට පෙළඹවිය යුතුය. ඒ සඳහා ෂී ජින්පිං මහතා යෝජනා හයක් ඉදිරිපත් කළේය. එනම්, සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දීම, ජනතාව  කේන්ද්‍ර කොට ගැනීම, පොදු ජයග්‍රහණ හා සහභාගීත්වයේ නියැළී සිටීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම, මානවයන් හා ස්වභාවය අතර සුසංගත සහපැවැත්ම ළඟා කර ගැනීම, ප්‍රායෝගික ව ක්‍රියා කිරීම යන්නය.

ගෝලීය සංවර්ධන සමබරතාව, සම්බන්ධීකරණය හා සහභාගීත්වය පිළිබඳව චීන ජනාධිපතිවරයාගෙන් යෝජනා හයක්_fororder_微信圖片_20210922203026

ෂී ජින්පිං මහතා මෙවර සිදු කළ  ප්‍රකාශය, ‘සිව් වැදෑරුම් යුතුකම්’ ලෙස සම්පිණ්ඩනය කළ හැකිය. එනම්, වසංගතය පරාජයට පත් කළ යුතුවීම, ආර්ථිකය පුනරුත්ථාපනය කළ යුතුවීම, සමගිය තහවුරු කළ යුතුවීම හා ගෝලීය පාලනය යහපත් කළ යුතුවීමයි.

අද ලෝක වාසී‍හූ ඉතිහාසයේ මංසන්ධියකට පැමිණ සිටිති. ඉදිරි පරපුරේ පොදු අනාගතය ගොඩනගා ගත හැකි වන්නේ ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිට ක්‍රියා කිරීම මගින් පමණකි.

ගෝලීය සංවර්ධන සමබරතාව, සම්බන්ධීකරණය හා සහභාගීත්වය පිළිබඳව චීන ජනාධිපතිවරයාගෙන් යෝජනා හයක්_fororder_微信圖片_20210922203019

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන