චීනය තවදුරටත් විදේශීය ගල් අඟුරු බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර බව චීන ජනපති කියයි
2021-09-22 10:11:41
Share with:

චීනය තවදුරටත් විදේශීය ගල් අඟුරු බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකර බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසයි.

ෂී ජින් පිං මහතා ඊයේ (21) බෙපිජිං සිට විඩියෝ ආකාරයෙන් 76 වැනි මහා මණ්ඩල සැසිවාරයේ පොදු විවාදය අමතමින් මේ බව ප්‍රකාශ කළේය.

2030 වසරට පෙර චීනය කාබන් විමෝචනය උපරිම මට්ටම ලඟා කර ගැනීම සහ 2060 වසරට පෙර කාබන් මධ්‍යස්ථභාවය සාක්‍ෂාත් කර ගැනීමට උත්සාහ කරනු ඇතැයි ෂී ජින් පිං මහතා පැවසීය. ඒ සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළ යුතු නමුත් චීනය උපරිමයෙන් ඒ සඳහා ක්‍රියා කරන බව හෙතෙම අවාධරණය කළේය. සංවර්ධනය වෙමින් පවතින රටවල හරිත හා අඩු කාබන් බලශක්තිය වැඩි දියුණු කිරීමට චීනය දැඩි ලෙස සහයෝගය දක්වන අතර, නව විදේශීය ගල් අඟුරු බලශක්ති ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාත්මක නොකරන බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන