ප්රජාතන්ත්රවාදය යනු, පැරණි ග්‍රීසියෙන් ආරම්භ වුණු වචනයකි. ජනතාව විසින් රට පාලනය කිරීම එහි මූලික තේරුමය. චීනයේ නම් ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රීය සාධකය, ජනතාවයි. මෙහි මැතිවරණය හෝ දේශපාලන පක්ෂ ක්‍රමවේදය හෝ ක්‍රියාත්මක කෙරෙන්නේ රට මනා ලෙස පාලනය කිරීමට සුදුසුම පුද්ගලයින් තෝරා ගැනීම සඳහායි. එය ‘සමස්ත ක්‍රියාදාම ප්‍රජාතන්ත්‍රවාදය’ ලෙස හැඳින් වේ. සියළුම වැදගත් නීති සම්පාදන තීරණ ගනු ලැබ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පටිපාටියට, විද්‍යාත්මක ලෙසත් ප්‍රජාතන්ත්‍රික ලෙසත්ය.
ප්‍රජාතන්‍ත්‍රවාදය, සැරසිලි භාණ්ඩයක් නොවේ. එහි ඵලදායිතාව වැදගත්ය. සමස්ත කෝටි 140ක ජනගහණය අන්ත දිළිඳුබවෙන් මුදවා ගැනීම, ගෝලීය වශයෙන් ප්‍රථමයෙන්ම වසංගතය පාලනය කිරීමට හැකි වීම, ලෝක ආර්ථික වර්ධනයට දිගු කාලීනව සියයට 30කට වැඩි දායකත්වයක් ලබා දීම යන ඒවා, චීන ප්‍රජාතන්ත්‍රවාදයෙන් ලද විස්මයජනක ජයග්‍රහණයන්ය.
මේ අතර ඇමරිකාවේ තත්ත්වය දෙස අවධානය යොමු කරන්නෙමු. ගාලගෝට්ටි, දිගු කලක් තිස්සේ අනුමැතිය නොලද තීරණ යෝජනා නම් දුලබ නැත. මාරාන්තික වසංගතයට මුහුණ දීමේදී වුවද එරට දේශපාලන පක්ෂ දෙක තවමත් එකිනෙකාගේ වසංගත පාලන ප්‍රයත්න විනාශ කිරීමට තැත් කරමින් සිටියි. වසංගත පාලන භාණ්ඩ විවිධ ජනපද අතර බෙදා දීමට ඉන් දැඩි ලෙස බාධා එල්ල විය. රටේ දුෂ්කරතා මගහැරීමේ සැලැස්ම ද දුෂ්කර ප්‍රසූතියක් විය. ඇමරිකවේ ප්‍රජාතන්ත්‍රවාදය මිරිඟුවක් බව එරටේ Dartmouth කොලීජියේ විද්වතෙකු වන Charles J. Wheelan මහතා පැහැදිලිව පෙන්වා දුන්නේය. ‘රට පාලනය කරනු ලබන්නේ ජනතාව විසින් නොවෙයි. දේශපාලනඥයින් ප්‍රතිලාභීන්ගේ හා පොහොසතුන්ගේ කැමැත්තට පමණක් සවන් දෙන’ බව ඔහු සඳහන් කර ඇත.