ඇමරිකාව චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ කටයුතු වලට මැදිහත්වීම සම්බන්ධයෙන් ශක්තිමත් ප්‍රතිචාර දක්වන බව චීනය කියයි
2021-09-24 18:39:05
Share with:

ඇමරිකාව චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ කටයුතු වලට මැදිහත්වීම සම්බන්ධයෙන් චීනය ශක්තිමත් ප්‍රතිචාර දක්වනු ඇතැයි චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Zhao Lijian මහතා අද (24) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ‘ජාතික ආරක්‍ෂක නීතිය’ පැනවීම හා ක්‍රියාත්මක කිරීම මගින් හොංකොං හි නෛතික පරිපාලනය පූර්ණ කරමින් එහි සුරක්ෂිතභාවය හා ස්ථාවරත්වය පුනරුත්ථාපනය කර ඇත.එමෙන්ම, එය හොංකොං වැසියන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහතික කරමින් නොසන්සුන් තත්ත්වයේ සිට ස්ථාවර නව තත්ත්වයට පවරා දීම පොළඹවන බව හෙතෙම ප්‍රකාශ කළේය. ඇමරිකාව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ සමෘද්ධියට හා ස්ථාවරත්වයට හානි එල්ල කරමින් චීන සංවර්ධනයට බාධා කිරීමේ කුමණ්ත්‍රණය පරාජයට පත්වනු නියත බව Zhao Lijian මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන