ඇමරිකාවට කැඩපතක් වූ කරුණු ලැයිස්තුවක් චීනයෙන්
2021-09-24 17:19:10
Share with:

ඇමරිකාවට කැඩපතක් වූ කරුණු ලැයිස්තුවක් චීනයෙන්_fororder_e50e17cc024837ab32287c1512f8b601

ඇමරිකාව විසින් චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ කටයුතුවලට ඇඟිලි ගැසීම සහ චීන විරෝධී බලවේග වලට  ආධාර කළ අවස්ථා  පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය කරුණු ලැයිස්තුවක් නිකුත් කර තිබේ. හොංකොං ආශ්‍රිත පනත් බලාත්මක කිරීම, ඊනියා සම්බාධක පැනවීම, හොංකොං පිළිබඳ චීනයේ ප්‍රතිපත්තියට අපහාස කිරීම, හොංකොංහි ආරවුල් තත්ත්වය ඇති කිරීමට තැත් කළ චීන-විරෝධී පුද්ගලයින්ට සහාය දීම, සන්ධාන රටවල් සමග එක්ව හොංකොංහි කටයුතුවලට අතපෙවීම ඇතුළු ඇමරිකාව විසින් හොංකොංහි කටයුතුවලට මැදිහත් වීමේ දුෂ්ට හැසිරීම් අංග 102ක් එහි සටහන් වී තිබේ.

ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම්, නීති පාලනය යනාදිය මුවාවෙන් හොංකොංහි කටයුතුවලට මැදිහත් වීමට උත්සාහ කළද එරටේ ම අදාල කල්කිරියාව සැබවින්ම නරකය.

ඇමරිකාවේ වසංගත මර්දන ප්‍රයත්නය අසාර්ථක විය. ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කළ විට, ඇෆ්ගනිස්ථාන සිවිල් වැසියන් හිතාමනාම වෙඩි තබා ඝාතනය කෙරිණ. ආහාර හා මුල්‍ය හිඟතාවෙන් පීඩා විඳි හයිටි සංක්‍රමණිකයින් ඇමරිකානුවන් විසින් උදාසීන ව ආපසු පිටුවහල්  කරනු ලැබීය. ඒ සඳහා හයිටිහි ඇමරිකානු විශේෂ නියෝජිත Daniel Foote මහතා පවා සිය රජයේ අමානුෂික හැසිරීම් ගැන විරසක වී ඊයේ(23) සිය ධූරයෙන් ඉල්ලා අස් විය. මීට සමකාමීව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසියට එක් වන රටවල් රාශියක් ඇමරිකාව විසින් සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝන පිළිබඳව දැඩි ලෙස චෝදනා නගමින් සිටියි.

වර්තමානයේ, ඇමරිකාව විසින් ඇති කළ ආරවුල් තත්ත්වයන්, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, ලොව පුරා වාර්තා වී තිබේ. මානව හිමිකම් ආරක්ෂකයා ලෙස ස්වයං ලෙස නම් කර ඇති ඇමරිකාව, විශාලතම මානව හිමිකම් උල්ලංඝනය කරන්නාය. මෙවර චීනය නිකුත් කළ අදාළ කරුණු ලැයිස්තුව, ඇමරිකාවට කැඩපතක් සේය. ඇමරිකාව එමගින් සිය දාමරික කැත ‍මුහුණ දෙස හොඳින් බැලිය යුතුය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන