චීනයේ සුළු ජනවාර්ගික නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී දේශන පවත්වති
2021-09-24 14:28:03
Share with:

චීනයේ සුළු ජනවාර්ගික නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී දේශන පවත්වති_fororder_src=http___n.sinaimg.cn_spider20210923_506_w1878h1028_20210923_cfd4-9ec61e5db4b7fcc14363c57dcfebf3d8.png&refer=http___n.sinaimg

පසුගිය 22 වන දින පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී චීන ජාතික සුළු ජනවාර්ගික නියෝජිතයෝ තමන්ගේ ම අත්දැකීම් මගින් චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ දිළිඳුකම පිටුදැකීමේ ජයග්‍රහණ සහ රැකියා නියුක්තිය සහතික කිරීමේ  තතත්වය පිළිබඳ දේශන කළහ.

එහි ජීවත් වන ටජික් ජාතිකයෙකුගේ අදහස්වලට අනුව, ඇයගේ උපන්ගමේ ස්වාභාවික පරිසරය අයහපත් වන අතර යටිතල පහසුකම් පසුගාමී වූ නමුත් ප්‍රාදේශීය රජය ක්‍රියාත්මක කළ ජනජීවිත අනුග්‍රාහී ප්‍රතිපත්ති නිසා, දැනට එහි සෑම පවුලකට ම ස්ථාවර ආදායම ලබා ගෙන ජන ජීවිතය යහපත් වෙමින් පවතී.

ෂින්ජියං උයිගුර් ස්වායත්තයේ උයිගූර් ජාතික නියෝජිතයෙක් පැවසුවේ තම රැකියා නියුක්ති සමාගම සිය විවේක කාලය සහ ආගමික ඇදහීමේ නිදහස පූර්ණ ලෙස සහතික කරන බවයි. ඇතැම් විදේශකයින් ෂින්ජියං හි සුළු ජාතීන්ට "බලහත්කාර වැඩ ගැනීම " යනුවෙන් අපහාස කිරීම විකාරයක් බව ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන