දේශගුණික විපර්යාස සඳහා ගෝලීය ක්‍රියාමාර්ග ගත යුතු බව, එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිතයා කියයි
2021-09-24 11:29:51
Share with:

දේශගුණික විපර්යාස සඳහා ගෝලීය ක්‍රියාමාර්ග ගත යුතු බව, එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිතයා කියයි_fororder_張軍

දේශගුණික විපර්යාස මානව වර්ගයාට පොදු අභියෝගයක් වන අතර, මේ සඳහා ගෝලීය ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත Zhang Jun මහතා ඊයේ(23), එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දේශගුණික හා ආරක්ෂක ගැටලු පිළිබඳ විවෘත විවාදයේ දී දේශනයක් පවත්වමින් පැවසීය.

"දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතිය" සහ "පැරිස් ගිවිසුම", ජාත්‍යන්තර ප්‍රජාව පවත්වා ගත යුතු බවත්, දේශගුණික විපර්යාස පිළිබඳ සෑම රටකම සමාන කථන අයිතියට ගරු කළ යුතු බවත්, ඔහු පැවසීය.

දේශගුණික විපර්යාස සඳහා සංවර්ධිත රටවල් ඓතිහාසික වගකීම දරයි. විමෝචනය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ දී පෙරමුණ ගැනීමට සංවර්ධිත රටවල් වගකීමක් ගත යුතු අතර, දේශගුණික මූල්‍යකරණ පොරොන්දු ඉටු කළ යුතු ය. ගෝලීය ශුද්ධ ශුන්‍ය විමෝචනය හැකි ඉක්මනින් සාක්ෂාත් කර ගැනීමේ මෙවලම මෙයයි.

සංවර්ධිත රටවල අදාළ කැපවීම් ක්‍රියාත්මක වන බවට වග බලා ගැනීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බව Zhang Jun මහතා සඳහන් කළේ ය.

චීනය සැමවිටම, ගෝලීය දේශගුණික පාලනය සඳහා දායකයෙකු, ගෝලීය ජෛව ශිෂ්ටාචාරය ගොඩනැගීමේ ප්‍රමුඛයා මෙන්ම, පැරිස් ගිවිසුම බලාත්මක කරන්නකු ද වන බව, Zhang Jun මහතා එහිදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන