ගෝලීය ආහාර පද්ධති තිරසර පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව, ජනපති ජගත් ආහාර පද්ධති සමුළුවේදී පෙන්වා දෙයි
2021-09-24 18:17:35
Share with:

ගෝලීය ආහාර පද්ධති තිරසර පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි. ඒ සඳහා සියලු පාර්ශ්වකරුවන් එක් විය යුතු බව එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ මාර්ගගත සභාව අමතමින් ජනාධිපතිවරයා  සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුව නිව්යෝර්ක් නගරයේදී ඊයේ(23) ආරම්භ විය. අපට අවශ්‍ය අනාගතය සඳහා වූ පියවර වේගවත් කිරීම යන්න එහි තේමාවයි. සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වුයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතායි.

ජනතාවගේ සෞඛ්‍යයට සහ පරිසරයට අයහපත් බලපෑම් එල්ල කරන රසායනික පොහොර ,කෘමිනාශක සහ වල්නාශක තහනම් කිරීමට තම රජය මෑතක දී ගත් තීරණය තිරසර සංවර්ධනය සඳහා වූ රාජ්‍ය ප්‍රතිපත්තියේ වැදගත් සන්ධිස්ථානයක් බව ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන