චීන ආර්ථික වර්ධනය පිළිබඳ සුභවාදී බලාපොරොත්තුවක්

2019-10-21 19:22:59
Comment
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

වසර 2019 පළමු කාර්තු තුන තුළ චීනයේ ආර්ථික වර්ධනය සියයට 6.2 ක් වූ බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි. චීන ආර්ථිකය එම ප්‍රතිඵලය දිනා ගෙන ඇත්තේ බාහිර පරිසරය සංකීර්ණ වෙමින් ස්වයං ආර්ථික ප්‍රතිසංස්කරණ අභියෝගයන්ට ලක් වෙමින් තිබියදීයි. එය අසීරුව හමුවේ ලද වටිනා ජයග්‍රහණයකි.

මෙම වසරේ මුල් කාර්තු තුනේදී චීනයේ රැකියා අවස්ථා කෝටි 1.097ක් අලුතෙන් බිහි කර ඇත. සමස්ත වසරේ අපේක්ෂාවෙන් එය සියයට 99.7ක ඉටු වීමකි. රැකියා නියුක්ති ක්ෂේත්‍රයේ ස්ථිර තත්ත්වය චීන ආර්ථිකයේ ස්ථාවර වර්ධනයට පදනමක් වී තිබේ.

එම කාලය තුළ චීන නාගරික වැසියන්ගේ වැය ශේෂ ආදායම පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 6.1කින් වැඩි විය. එය ආර්ථික වර්ධනයට මූලික ව සමාන මට්ටමකි. පරිභෝජන ධාරිතාව උත්තේජනය වීමට එය හේතුවක් වී තිබේ. මුල් මාස 9 තුළ සමස්ත චීනයේ පරි‍භෝජන භාණ්ඩවල සිල්ලර වටිනාකම සියයට 8.2කින් වර්ධනය විය. චීනයේ දළ දේශීය නිෂ්පාදන වටිනාකමේ වර්ධනයට සියයට 60.5ක දායකත්වය ඉටු කළ පරි‍භෝජනය චීන‍ ආර්ථික වර්ධනයට වැදගත් එන්ජිමක් බවට පත් වී ඇතැයි මෙයින් පැහැදිලිය.

මේ අතර හරිත වර්ධනය ද නව බලයක් වී තිබේ. මෙම වසරේ මුල් කාර්තු තුනේදී චීනයේ දළ දේශීය නිෂ්පාදනයේ ඒකක බලශක්ති පරිභෝජනය සියයට 2.7කින් අඩු වීම විශේෂත්වයකි.

චීන ආර්ථික වර්ධනය අස්ථිර සාධක රැසකට මුහුණ දෙමින් පවතී. එහෙත් ප්‍රාණවත්භාවයෙන් පිරි ක්ෂුද්‍ර ආර්ථික පදනම, නම්‍යශීලි අවකාශය, පූර්ණ ප්‍රතිපත්තිමය මෙවලම් තිබෙන බැවින්, සිය නිශ්චිත සාර්ව ආර්ථික ඉලක්කය සැබෑ කිරීම සඳහා චීනය විශ්වාසය මෙන් හැකියාව ද සතුය. චීන ආර්ථිකය පිළිබඳව ලෝ වැසියන්ට සුබවාදී ආකල්පයෙන් සිටිය හැකිය.

ප්‍රතිචාර දක්වන්න

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති