දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙට ශංහයි හිදී

2019-11-04 15:12:11
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙට(5) ශංහයිහිදී ආරම්භ වීමට නියමිතය. රටවල් හා ප්‍රදේශ 150ක ව්‍යාපාර 3000ක් පමණ ඊට සහභාගි වෙයි.

මෙවර ප්‍රදර්ශනයේ පරිමාණය හා ප්‍රදර්ශන භාණ්ඩ සංඛ්‍යාව ප්‍රථම චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඉක්මවා ගොස් ඇත. බහුපාර්ශ්වවාදයට අනුබලය මෙන්ම නිදහස් වෙළඳාම ප්‍රවර්ධනය සඳහා චීනය සතු ස්ථිර අධිෂ්ඨානය මෙයින් විදහා පා ඇත.

විදේශ ව්‍යාපාර චීන වෙළඳපොළට මෙබඳු ඇල්මක් දක්වා ඇත්තේ චීන ආර්ථිකයට දරන සුබවාදී ආකල්පය බව කිව යුතුය. ඉදිරි වසර 15ක් තුළ චීනය සිදු කරන භාණ්ඩ ආනයනය හා සේවා ආනයනයේ වටිනාකම බැගින් ඇ.ඩො. ට්‍රිලියන 3ක් හා 1ක් අභිබවන බවට පසුගිය වටයේ ආනයන ප්‍රදර්ශනයේදී චීනය පොරොන්දු වී තිබිණ. එම ඉලක්කය සම්පූර්ණ කිරීමට චීනයට විශ්වාසය මෙන් හැකියාව ද සතුය.

මෙවර දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මගින් වෙළඳ ආරක්ෂණවාදයේ ව්‍යාප්තිය කඩා බිඳ ජගත් වෙළඳාම හා සහයෝගතාව ඉදිරියට මෙහෙයවමින් ලෝක ආර්ථිකයට නව බලයක් එකතු කරනු ඇතැයි විශ්වාස කෙරේ. නිර්මාණශීලිත්වයෙන් යුතු නවාකාරයේ ලෝක ආර්ථිකයක් අපේක්ෂා කළ හැකි වනු ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති