විවෘත සහයෝගතා, නවෝත්පාදන හා පොදු හුවමාරුව සහිත ලෝක ආර්ථිකයක් වෙනුවෙන් චීනයේ කැපවීම

2019-11-05 17:34:30
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (5) දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී “විවෘතභාවය, සහයෝගතාව, ඉරණම සහ පොදුභාවය” යන තේමාවෙන් යුත් දේශනයක් කළේය. විවෘත ලෝක ආර්ථිකයක් සහ මානව ඉරණම සහිත පොදු ප්‍රජාවක් ගොඩනැගීමට වැඩියෙන් දායක වීම එම දේශනයේ ප්‍රධාන තේමාවයි. දැවැන්ත රටක වගකීම් සහ යුතුකම් ඉන් විදහා දක්වා තිබේ.

මෑත වසරවලදීආරක්ෂණවාදයෙන් හා ඒකපාර්ශ්විකවාදයෙන් එල්ල වී ඇති බලපෑම් යටතේ, ආර්ථික ගෝලීයකරණය බාධාවන්ට ලක් ව තිබේ. ලෝක ආර්ථික ප්‍රවණතාව නිවැරදිව දකින්නේ කෙසේද? සංවර්ධන බාධක වලින් මිදෙන්නේ කෙසේද? ජගත් ප්‍රජාව මේ ප්‍රශ්න දෙක සම්බන්ධයෙන් ගැඹුරින් කල්පනා කරමින් ක්‍රියාශීලීව ගවේෂණය කරමින් සිටී.ඊට පිළිතුරු ලෙස, “විවෘත සහයෝගතා, නවෝත්පාදන හා පොදු හුවමාරුව”සහිත ලෝක ආර්ථිකයක් ඒකාබද්ධව ගොඩනැගීම වෙනුවෙන් ෂී ජින් පිං මහතා තුන්වැදෑරුම් යෝජනා ඉදිරිපත් කළේය. විවිධ රටවල් සමඟ එක්ව පොදු සංවර්ධනය සාක්ෂාත් කිරීමේ චීනයේ අවංක කැමැත්ත එම යෝජනා වලින් පිළිබිඹු වේ.මීට අමතරව හෙතෙම සිය දේශනයෙන් චීනය පෙරට වඩා විවෘත කිරීමට ගන්නා පියවර පහක් යළිත් වරක් ප්‍රකාශ කළේය. ජගත් ප්‍රජාවේ අපේක්ෂාවන්ට දක්වන ප්‍රතිචාර වශයෙන් එම පියවර වඩාත් විවෘත සංඥාවක් නිකුත් කර ඇත. විදේශ ව්‍යාපාරිකයන් හා ආයෝජන චීනයට ඇතුළු වීම පෙරට වඩා හිතකර පරිසරයක් නිර්මාණය කරන එම පියවර නව විවෘත ආර්ථික ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ එන්ජිමක් ලෙස හැඳින්විය හැකිය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති