සමබර, විවෘත හා සාධාරණත්ව ජාත්‍යන්තර පිළිවෙළකට චීන ප්‍රංශ සහය

2019-11-06 19:36:59
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(6) බෙයිජිංහි මහජන මහ ශාලාවේදී ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රෝන් මහතා හමුවිය. ප්‍රංශය සමඟ ලෝකයටත් අනාගතයටත් ජනතාවටත් මුහුණ දෙමින් චීන-ප්‍රංශ අංගසම්පූර්ණ ක්‍රමෝපායීය හවුල්කාරි සබඳතාව ඉහළ මට්ටමකට නංවාලීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් පසුවන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී පැවසීය. චීන-ප්‍රංශ සබඳතා වර්ධනය සඳහා දිශාව පෙන්වා දී ඇති අතර දෙරට අතර සහයෝගීතාව සඳහා නව දැක්මක් විවර කර දී ඇත. එමගින් දෙරටේ ජනතාව අතර හුවමාරුව සඳහා නව අවස්ථා ලබා දී තිබේ.

වත්මන් සංකීර්ණ හා දිනෙන් දින වෙනස් වන ජාත්‍යන්තර තත්වයට මුහුණ දෙමින්, චීනය සහ ප්‍රංශය විශාල රටවල් දෙකක් ලෙස, විශේෂයෙන් වැදගත් වගකීමක් දරයි. දෙරට සහයෝගතා ශක්තිමත් කළ යුතුය. එමෙන්ම ගැටළු නිසියාකාරයෙන් විසඳා ගත යුතු අතර, ප්‍රායෝගික ක්‍රියාමාර්ග සමඟ චීන-ප්‍රංශ සබඳතා හා චීන-යුරෝපා සංගම් සබඳතා ප්‍රවර්ධනය කළ යුතුය. සමබර, විවෘත හා සාධාරණත්ව ජාත්‍යන්තර පිළිවෙළක් ස්ථාපිත කිරීම සඳහා චීනය හා ප්‍රංශය දැවැන්ත රටවල දායකත්වයන් කැප කළ යුතු ය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති