හොං චියාඕ ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාව ඇරඹේ

2019-11-07 18:52:02
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

2වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ වැදගත් කොටසක් වශයෙන් හොං චියාඕ ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාව පැවැත්වෙමින් තිබේ. දෙස් විදෙස් නියෝජිතයන් 4000කට වැඩි පිරිසක් ඊට එක් වෙමින් ආර්ථික ගෝලීයකරණයට අනුබල දීම හා බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. වර්තමානයේ වෙළඳ ආරක්ෂණවාදය හා ඒකපාර්ශ්වවාදය හිස ඔසවා ඇති අතර ආර්ථික ගෝලීයකරණය බාධාවන්ට මුහුණ දී සිටී. මෙවන් තත්වයක් යටතේ නිදහස් වෙළඳාම ආරක්ෂා කරන්නැයි විවිධ රටවල් තව තවත් හඬ නගා තිබේ. ‍ගෝලීය දේශපාලන හා වාණිජ ක්ෂේත්‍රවල ඉහළ පෙළේ සංවාද වේදිකාවක් වශයෙන් හොං චියාඕ ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාව, ව්‍යාපාරික පරිසරය, කෘත්‍රිම බුද්ධිය, ‍ලෝක වෙළඳ සංවිධායේ ප්‍රතිසංස්කරණ, විද්‍යුත් වාණිජ්‍යය සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීම ඇතුළු කරුණු වෙත අවධානය යොමු කර ඇත. අදාළ රටවල හා ප්‍රදේශවල දේශපාලනඥයන්, ජාත්‍යන්තර සංවිධාන ප්‍රධානීන්, ගෝලීය වාණිජ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ දෙස් විදෙස් විද්වතුන් 60 දෙනෙක් පමණ හොං චියාඕ ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාව අමතමින් ලෝක ආර්ථිකයේ විධිමත් වර්ධනය වෙනුවෙන් “හොං චියාඕ”ඥානය ත්‍යාග කර තිබේ.

මේ අතර, 2වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන භුමියේ ඉතා උණුසුම් වාතාවරණයක් දක්නට ලැබේ. ලොව විවිධ රටවල් එහිදී “විවෘතභාවය, නිර්මාණශීලිත්වය, සහයෝගිතාව හා පොදු ජයග්‍රහණය ”යන යුගයේ මහ හඬ නගමින් එකිනෙකා සමග ආර්ථික හා වෙළඳ ගනුදෙනු කරමින් සිටී. 2වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන භුමියෙන් හෝ වේවා හොං චියාඕ ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවෙන් හෝ වේවා විවෘතභාවය හා නිර්මාණශීලිත්වයටත් ගෝලීය ආර්ථිකකරණයටත් අනුබල දෙන හඬ අපට පැහැදිලි ව ඇසේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති