දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයෙන් චීන වෙළඳපොළේ ආකර්ෂණ පිළිබිඹු කෙරේ

2019-11-09 17:01:14
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn



දෙවන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය මේ දිනවල ශංහයි නගරයේදී පැවැත්වේ. “චීන වෙළඳපල ‍කොපමණ විශාල ද! චීනයට පැමිණෙන සැම සාදරයෙන් පිළිගනිමු”කියා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ලෝකය වෙත අවංක ආරාධනාවක් කරයි. වත්මන් ඒකපාර්ශ්වවාදය හා ආරක්ෂණවාදය නැගීම සහ ලෝක ආර්ථික වර්ධනය පීඩනයට ලක්ව ඇති පසුබිම යටතේ, මිලියන 400 ක් මධ්‍යම ආදායම්ලාභී කණ්ඩායම් ඇතුළු බිලියන 1.4 ක ජනගහනයක් සහිත චීන වෙළඳපොළ සැබවින්ම ගෝලීය ව්‍යවසායන් අතපසු කළ නොහැකි අවස්ථාවකි.

චීන වෙළඳපොළේ ආකර්ෂණය පළමුවෙන්ම පැමිණෙන්නේ විශාල පාරිභෝගික ඉල්ලුමකිනි. එමෙන්ම චීන වෙළඳපොළේ ඇති ආකර්ෂණීය බව “දෘඩාංග පහසුකම්”සන්තකයේ තිබේ. ව්‍යාපාරික පරිසරයේ “මෘදු පහසුකම්”වලින් චීන වෙළඳපොළෙහි ඇති ආකර්ෂණීය බව අඛණ්ඩව ප්‍රශස්ත වේ.

වර්තමානයේ විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනයන් සමඟ අධි ගුණාත්මක සංවර්ධනයක් සඳහා චීනය කැපවී සිටින අතර එමගින් චීන වෙළඳපොළේ වඩාත් නවෝත්පාදන ආකර්ෂණයන් විදහා දැක්වේ.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති