චීනයේ දෙවන ආනයන ප්‍රදර්ශනයට ඉහළ ප්‍රතිචාර

2019-11-11 17:30:11
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයෙන් විවෘතභාවය හා පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කෙරේ.

දෙවැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(10) අවසන් විය. මෙවර ප්‍රදර්ශනයේදී ද සරු ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වූ අතර එහිදී සිදු කෙරුණ ගනුදෙනු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 71.13කි. එය පසුගිය වසරේ අගයට වඩා සියයට 23ක වර්ධනයක් වේ. එමෙන් ම මේ වන විට ව්‍යවසායන් 230කට වැඩි සංඛ්‍යාවක් තුන්වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගිවීමට ලියාපදිංචි කර තිබේ.

භාණ්ඩ හා සේවා ගනුදෙනු කිරීම ඔස්සේ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයෙන් වෙළඳ ගෝලීයකරණය හා ලෝක ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කර ඇත. ලෝකයේ ප්‍රථම ආනයනය තේමා කර ගත් ජාතික මට්ටමේ ප්‍රදර්ශනය වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, චීනය ලෝකය ‍වෙත සක්‍රීය ලෙස වෙළඳපොළ විවෘත කිරීමේ වැදගත් පියවරකි. එය ලෝක ආර්ථික සංවර්ධනයට ලබා දෙන විශාල තල්ලුවක් බවට පත්ව තිබේ. මෙම ප්‍රදර්ශනය ඔස්සේ පොදු භාවිතය යන සංකල්පය ලෝකය වෙත ඉදිරිපත් කර ඇත. එය පොදු ඉරණමක් සහිත මානවයන්ගේ ප්‍රජාව ගොඩනැගීමට මනා ආදර්ශයකි. නිදසුනක් ලෙස පසුගිය වසරේ හා මේ වසරේ පැවති ප්‍රදර්ශන වලදී ඌන සංවර්ධිත රටවල්වල ව්‍යවසායන්ට නොමිලේ ප්‍රදර්ශන කුටි සහ සේවා සහය ලබා දී ඇත. ඉන් සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ඌන සංවර්ධිත රටවලට වාණිජ අවස්ථා හා වෙළඳපොල සොයා ගත හැකි ය.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය දෙවතාවක් පැවැත්වීමෙන් චීන වෙළඳ පොලේ පවතින විශාල සැඟවුණු ශක්තිය සහ ප්‍රබල පරිභෝජන හැකියාවන් ලෝකයට ප්‍රදර්ශනය කර තිබේ. එමෙන් ම චීනය අඛණ්ඩව විවෘතභාවය පුළුල් කිරීම, ආර්ථික ගෝලීයකරණය හා නිදහස් වෙළඳාමට ස්ථීර ලෙස අනුබල දීමේ අධිෂ්ඨානය හා ක්‍රියාව මනාව ඉදිරිපත් කර ඇත. ඒ හේතුවෙන් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අඛණ්ඩව පැවැත්වුවහොත් සෑම වතාවකම ඊට සහභාගි වීම පිළිබඳ ව්‍යවසායන් එකඟතාවට පැමිණ ඇත.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති