චීන-ග්‍රීක සහයෝගීතාවේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමට නංවාලීම නිසැකය

2019-11-12 18:50:10
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී න් පිං මහතා පසුගිය 10වැනිදා සිට අද (12) දක්වා ග්‍රීසියේ නිල සංචාරයක නිරතවිය. එම සංචාරයේදී දෙරටේ නායකයෝ දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීම, ප්‍රායෝගික සහයෝගතා ගැඹුරින් සංවර්ධනය කිරීම සහ ශිෂ්ඨාචාර සංවාද ප්‍රවර්ධනය කිරීම යනාදී කරුණු පිළිබඳව සාකච්ඡා කරමින් වැදගත් එකඟතාවන්ට එළඹුණහ.

ෂී ජින් පිං මහතා සිය ග්‍රීක සංචාරය තුළ චීන-ග්‍රීක ප්‍රායෝගික සහයෝගතා පිළිබඳ සිව් වැදෑරුම් යෝජනා ඉදිරිපත් කළේය. ඉන් පළමු වැනි යෝජනාව වන්නේ “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ‍ ග්‍රීසියේ වැදගත් ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහන හුවමාරු මධ්‍යස්ථානය ඉදි කිරීම් යන ක්‍රමෝපාය සමඟ සම්බන්ධ කිරීමයි.

එමෙන්ම ෂී ජින් පිං මහතා යෝජනා කළේ, චීන-ග්‍රීක ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන පරිමාණය ව්‍යප්ත කරමින් මානව හුවමාරු ශක්තිමත් කොට චීන-යුරෝපා සබඳතා පොදුවේ ප්‍රවර්ධනය කරන බවයි.

එම යෝජනා චීන-ග්‍රීක ප්‍රායෝගික සහයෝගීතාවේ දිශාව පෙන්වා දී තිබේ.

ශිෂ්ඨාචාරාත්මක හුවමාරුව සහ අන්‍යෝන්‍ය යහපත හා සහයෝගීතාව මත පදනම් වන චීන-ග්‍රීක සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව තවදුරටත් වැඩිදියුණු කෙරේ. එය දෙරටට නව සංවර්ධන අවස්ථා ලබා දෙනු ඇති අතර චීන-යුරෝපා සබඳතා ප්‍රවර්ධනය කරනු ඇති බව නිසැකය.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති