බ්‍රික්ස් රටවල් එදා, අද සහ හෙට

2019-11-13 11:31:09
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

‘බ්‍රික්ස් රටවල්’ වන චීනය, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව යන රටවල් 5 නැගී එන ආර්ථික ස්වභාවය නියෝජනය කරමින් ලෝක ආර්ථික සංවර්ධනයට දායකත්වයක් දක්වයි. බ්‍රික්ස් රටවල 11වැනි නායක සමුළුව 13 හා 14 දෙදින තුළ බ්‍රසීලයේ බ්‍රසීලියා අගනගරයේදී පැවැත්වෙයි. ‘ආර්ථික වර්ධනයෙන් නිර්මාණශීලිත්ව අනාගතයක් නිර්මාණය කිරීම’ යන්න එහි තේමාවය. බ්‍රික්ස් රටවල සහයෝගතාවේ දෙවැනි දශකය ආරම්භ වීම නිමිත්තෙන් විවෘතභාවය, පොදු ජයග්‍රහණය හා නිර්මාණශීලිත්ව සංවර්ධනය ඉදිරි සහයෝගතාවේ කේන්ද්‍රීය කරුණු වනු ඇතැයි එයින් පැහැදිලිය.

බ්‍රික්ස් රටවල් පසුගිය වසර 10ක් තුළ පැවති සහයෝගතාව ස්වර්ණමය දශකයක් නිර්මාණය කර ඇත. ආසියාව, අප්‍රිකාව, ලතින් ඇමරිකාව හා යුරෝපය යන මහද්වීප පහ ආවරණය වන බ්‍රික්ස් සහයෝගතා ක්‍රමවේදය විස්මයජනක ජයග්‍රහණය දිනා ගැනීමට සමත් විය. රටවල් පහේ ආර්ථික වර්ධන ධාරිතාව සියයට 179කින් වැඩි විය. සමස්ත වෙළඳ වටිනාකමේ සියයට 94ක වර්ධනයක් පෙන්නුම් කෙරිණ. ගෝලීය ආර්ථික වර්ධනයට සිදු කළ දායකත්වය සියයට 50කට අධිකය. බ්‍රික්ස් සහයෝගතා ක්‍රමවේදය ලෝක ආර්ථිකය වර්ධනය කරලීමේ හා ජාත්‍යන්තර පාලන පද්ධතියේ නවීකරණය කරලීමේ වැදගත් බලවේගයක් බවට පත් ව ඇතැයි දක්නට ලැබේ.

වර්තමානයේ මානව සමාජයේ නව වටයේ විද්‍යා තාක්ෂණික විප්ලවය හා කර්මාන්ත ප්‍රතිසංස්කරණය සිදු කෙරෙමින් පවතී. මෙය බ්‍රික්ස් රටවලට නව ආර්ථික වර්ධන සාධක හා අවස්ථා එකතු කර ඇත. එහෙත් ඒකපාර්ශ්වවාදය හා ආරක්ෂණවාදය, බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට හා ගෝලීය ආර්ථික වර්ධනයට එල්ල වූ බලපෑම් ද මඟ හැරිය නොහැකිය. බ්‍රික්ස් රටවල සංවර්ධනය සඳහා වන බාහිර පරිසරයේ අස්ථිරබව කැපී පෙනේ.

මෙවන් පසුබිමක් යටතේ තවත් ‘ස්වර්ණමය සහයෝගතා දශකයක්’ බිහි කිරීම උදෙසා, බ්‍රික්ස් රටවල් සමගිය තහවුරු කර ගෙන ගෝලීය පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණය ප්‍රවර්ධනය කරමින් ගෝලීය සංවර්ධන හිඟය හා පාලන හිඟය වෙනුවෙන් සුදුසු කැපවීමක් සිදු කිරීමට වගකීමක් දැරිය යුතුය.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති