චීන ආර්ථික ක්‍රියාකාරීත්වය සමස්ත වශයෙන් ස්ථාවර මට්ටමක

2019-11-14 19:29:14
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ගෙවී ගිය මාස 10යේ චීන ආර්ථික ක්‍රියාකාරීත්වය සමස්ත වශයෙන් ස්ථාවර මට්ටමක පවතින බව චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ස්ථාවරත්වය එම කාලයේ චීන ආර්ථිකයේ කැපී පෙනුණ ලක්ෂණයක් ලෙසට සැලකෙන බව එම දෙපාර්තමේන්තුව අද (14) නිකුත් කළ සංඛ්‍යා ලේඛනයක දැක්වේ. සේවා , කාර්මික , නව කර්මාන්ත හා නව නිෂ්පාදන ක්ෂේත්‍රවල, වෙළඳ පොලේ අලෙවි හා ආ‍‍‍යෝජනයන්හී ස්ථාවර වර්ධනයක් දක්නට ලැබීම ඊට තුඩු දුන් වැදගත් සාධක වී තිබේ. චීන රජය සෑම විට ම ජනතාවගේ ජීවන අවශ්‍යතා ඉහළින් සලකයි. ඒ අතරින් රැකියා අවස්ථා නිර්මාණය කිරීම ප්‍රධාන වේ. ගෙවී ගිය මාස 10 තුළ චීනයේ නගර හා උපනගරවල රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව එක් ‍‍කෝටි 19 ලක්ෂ 30 දහසකින් වැඩි වී ඇත. නව රැකියා නියුක්තිකයන් එක් ‍‍කෝටි 10 ලක්ෂයක් වන මේ වසරේ ඉලක්කය චීනයට කල් ඇතිව සපුරාලීමට හැකි වී තිබේ. මෙය ජනතාවගේ ආදායම් මට්ටම වඩාත් ඉහළ නංවාලීමටත් පාරිභෝගික වෙළඳ පොල පණගැන්වීමටත් ශක්තිමත් පදනමක් සපයා දෙයි. එමෙන් ම චීන ආර්ථික ව්‍යූහය ක්‍රමානුකූල ව ප්‍රතිව්‍යූහගත කර තිබෙන බව චීන ජාතික සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යා ලේඛන සඳහන් කරයි. වෙළඳ ආරක්ෂණවාදය හා ඒකපාර්ශ්වවාදය හිස ඔසවා ලෝක ආර්ථික වර්ධනය පහළ යමින් පවතින පසුබිම යටතේ චීන ආර්ථිකය මෙවන් තත්වයක පැවතීම පහසු කාර්යයක් නොවේ. චීන රජය මෙතෙක් ගෙන ඇති විවිධ ප්‍රායෝගික පියවර ඊට දැඩි ලෙස බලපා ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති