සමාජ පටිපාටිය පුනරුත්ථාපනය කිරීම වත්මන් හොංකොං හි හදිසිම කාර්යය බව චීන ජනාධිපතිවරයා අවධාරණය කරයි

2019-11-16 16:43:05
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

පසුගිය 14වැනි දා බ්‍රසීලයේ බ්‍රසීලියා හි පැවති බ්‍රික්ස් රටවල 11වැනි නායක සමුළුවට එක් වූ අවස්ථාවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ තත්වය පිළිබඳ සඳහන් කරමින් චීන රජයේ ස්ථාවරය පැහැදිලි කළේ ය. මෙය, චීන රාජ්‍ය නායකයා ජාත්‍යන්තර වශයෙන් හොංකොංහි තත්වය පිළිබඳව නිල වශයෙන් අදහස් දැක්වූ ප්‍රථම අවස්ථාව විය.

හොං‍කොං විශේෂ පරිපාලන කලාපයේ අඛණ්ඩ ව පවතින රැඩිකල් ප්‍රචණ්ඩ අපරාධ ක්‍රියා, නීති පාලනය, සමාජ පටිපාටිය, හොං‍කොංහි සමෘද්ධිය හා ස්ථාවරත්වය දැඩි ලෙස උල්ලංඝනය කර ඇති අතර එක් රටක් ක්‍රම දෙකක් මූලධර්මයේ සීමාව ඉක්මවා ගොස් ඇතැයි ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේ ය . උදර්පණ නීති සංශෝධනය හේතුවෙන් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ හටගෙන ඇති ගැටුම්කාරී තත්වයේ සත්‍යය හා ඉන් හොංකොං වෙත එල්ල වූ බරපතල හානි හෙතෙම ජගත් ප්‍රජාවට පැහැදිලි කර තිබේ. ප්‍රචණ්ඩත්වය මැඩපවත්වමින් විධිමත් සමාජ පටිපාටිය පුනරුත්ථාපනය කිරීම වත්මන් හොංකොං හි හදිසිම කාර්යය බව හෙතෙම අවධාරණය කළේ ය. මෙයින් චීන රජය හොංකොං ප්‍රශ්නය නිත්‍යනුකූල ව විසඳා ගැනීමේ ස්ථාවරය තහවුරු වී ඇත. චීන රජයේ රටේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අයිතිවාසිකම් රැක ගැනීමේ අධිෂ්ඨානය නොවෙනස් වනු ඇතැයි ද රජය එක් රටක් ක්‍රම දෙකක් මූලධර්මය පෙර සේම අනුගමනය කරනු ඇතැයි ද ඕනෑ ම බාහිර බලවේගයක් හොං‍කොංහි කටයුතුවලට අතපෙවීමට චීනය දැඩි ලෙස විරුද්ධ වන අධිෂ්ඨානය නොවෙනස් වනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය. ‍රටේ ස්වාධිපත්‍යය රැකගැනීමේ දැඩි අධිෂ්ඨානය චීන ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පිළිබිඹු වේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති