Mike Pompeo ඇතුළු බටහිර දේශපාලනඥයන් දැරූ සාහසික වෑයම් කැපී පෙනේ

2019-11-17 19:00:01
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

ගෙවී ගිය මාස කිහිපයේ චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රචණ්ඩත්වය අඛණ්ඩ ව උග්‍ර වීමෙන් එහි ජනතාවගේ ආරක්ෂාව බිඳ වැටී තිබේ. හොං‍කොං හි සිදු වෙමින් පවතින ප්‍රචණ්ඩ හා අපරාධ ක්‍රියා නොතකා ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo පසුගිය දා කියා සිටියේ චීන රජය ප්‍රචණ්ඩ නොවන ආකාරයෙන් හොංකොං ප්‍රශ්නය විසඳා ගැනීම තම බලාපොරොත්තු වන බවයි. උදර්පණ නීති සංශෝධනය හේතුවෙන් මෙතෙක් හොංකොංහි හටගෙන ඇති ගැටුම්කාරී තත්වය Mike Pompeo මහතා පැවසූ ” සාමකාමී උද්‍ඝෝෂණ” සහ ” කතා කිරීමේ නිදහස” යන්නෙහි සීමාව ඉක්මවා ගොස් ඇත. පොලිස් භටයන් හා සිවිල් වැසියන්ට පහර දීම, මධ්‍යම රජයේ ආයතනවලට කඩා වැදීම, චීන ජාතික ධජය හා ලාංඡනයන්ට හානි කිරීම, මිනිස් ඝාතන හා ගිනි තැබීම මේ ආදී වශයෙන් සැහැසි පුද්ගලයන් සිදු කළ ප්‍රචණ්ඩ හා අපරාධ ක්‍රියා, ඕනෑ ම නීති පාලනය ඇති සිවිල් සමාජයකට ඉවසා ගත නොහැකි ය. එබැවින් Mike Pompeo මහතා පළ කළ අදහස්වලින් එක් කරුණක් පැහැදිලිය. හොංකොංහි ප්‍රචණ්ඩත්වය නොකඩවා ම උග්‍ර වී ඇත්තේ ඇමරිකාවේ චීනයට එරෙහි බලවේගවල සහය හා සෘජු මෙහෙයුම් ඇතිව ය. ඊට තුඩු දුන් කරුණු රැසක් තිබේ. ඇමරිකානු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී අරමුදල රහසිගත ව හොංකොං බෙදුම්වාදීන්ට මූල්‍ය සහය ලබා දී ඇත. ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo ඇතුළු දේශපාලනඥයන් බොහෝ වර හොං‍කොං බෙදුම්වාදීන් මුණ ගැසී තිබේ. එපමණක්‍ නොව ඇමරිකාවේ ඇතැම් චීන විරෝධි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොංග්‍රස් සභාවේ හොංකොංට අදාළ කෙටුම්පත සම්මත කිරීමට උත්සාහ දරා ඇත. ‍හොං‍කොං ප්‍රශ්නය හරහා චීනයේ අභ්‍යන්තර කටයුතුවලට අත පොවමින් චීනය අවුල් සහගත තත්වයට පත් කිරීමට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රමුඛ ඇතැම් බටහිර දේශපාලනඥයන් දැරූ සාහසික වෑයම් ලෝකයා ඉදිරියේ කැපී පෙනේ.

වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති