හොංකොංහි ගැටළු විසඳීමේ දිශාව චීන ජනපති පෙන්වා දෙයි

2019-11-18 15:20:58
Share
Share this with Close
Messenger Messenger Pinterest LinkedIn

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගියදා බ්‍රසීලයේ පැවති බ්‍රික්ස් රටවල 11වැනි නායක සමුළුවට එක් වූ අවස්ථාවේදී හොංකොංහි තත්වය පිළිබඳව සඳහන් කරමින් චීන රජයේ ස්ථාවරය පැහැදිලි කළේ ය. ප්‍රචණ්ඩත්වය මැඩපවත්වමින් විධිමත් සමාජ පටිපාටිය පුනරුත්ථාපනය කිරීම වත්මන් හොංකොං විශේෂ පරිපාලන කලාපයේ හදිසි කාර්යයක් බව හෙතෙම අවධාරණය කළේය.

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක නිලධාරිනියගේ නායකත්වය යටතේ කලාපීය රජය නීතියට අනුකූලව පාලනය කිරීමට ස්ථීර ව අනුබල දෙන චීන මධ්‍යම රජය නීතිය බලාත්මක කිරීමේදී හොංකොං පොලීසියට ස්ථිර ලෙස සහාය දෙමින් ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන්ට නීතියට අනුව දඬුවම් කිරීමේදී හොංකොං අධිකරණයට අඛණ්ඩ හා ස්ථීර ලෙස අනුබල දෙන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය නිත්‍යානුකූලව හොංකොංහි ප්‍රශ්න විසඳා ගැනීමට චීන මධ්‍යම රජය අනුබල දීමේ ස්ථිර ස්ථාවරය, චීන ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම “ස්ථීර අනුබල තුනෙන්”ජගත් ප්‍රජාවට පැහැදිලි වී ඇත. එය ද හොංකොංහි ගැටළු විසඳීමේ දිශාව පෙන්වා දී තිබේ.

හොංකොං හි සමාජ සුරක්ෂිතතාවය පවත්වාගෙන යාමේ වැදගත්ම බලවේගය ලෙස හොංකොං පොලීසිය සෑම විටම රැඩිකල් ප්‍රචණ්ඩ අපරාධ ක්‍රියාවලට සක්‍රිය ලෙස මුහුණ දෙයි.

සිය රටවල පෙලපාලි නැවත නැවතත් යටපත් කළ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල්, හොංකොංහි ප්‍රචණ්ඩකරුවන්ගේ කුරිරුකම්වලට මුහුණු දුන්නේ නම්, හොංකොං පොලිසියට සාපේක්ෂව නීතිය බලාත්මක කිරීමේ ශිෂ්ටාචාරය හා සංයමතා මට්ටම පෙන්නුම් කළ හැක්කේ කාට ද? හොංකොං පොලීසිය දැඩි ලෙස නීතිය බලාත්මක කිරීමට චීන ඉහළම නායකයා සිය ස්ථීර අනුබලයක් පළ කිරීම, රැඩිකල් ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන්ට වඩාත් ප්‍රබල කම්පනයක් නිශ්චිතව ඇති කරනු ඇත.

ප්‍රචණ්ඩකාරී අපරාධකරුවන්ට දඬුවම්කිරීම සඳහා හොංකොං ප්‍රජාව කලාපීය රජයට, පොලීසියට හා අධිකරණයට ස්ථීරව සහාය දීම යටතේ හොංකොංහි සමාජ පටිපාටිය යථා තත්වයට පත් වනු ඇතැයි නිසැකය.


වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති